රටපුරා ව්‍යාපාරිකයන්ට සහන දෙද්දි, මිගමු නගරාධිපති නඩු දාන්න යයි ?

0
70

Dayan commiපසුගිය දා කොච්චිකඩේ ප්‍රදේශය පුරා යමින් මිගමුව මහනගර සභාවේ පණිවිඩයන් ප්‍රචාරය කරන්නට විය.ඉන් කියැවුනේ මේ වසර සදහා ලියාපදිංචි නොවු ව්‍යාපාරික ආයතන වලට කඩිනමින් ලියාපංදිචි කරන ලෙසත් නැතිනම් නඩු දමන බවත්ය.
මිගමුව මහනගර සභාව දැන් පත්ව ඇත්තේ දැවැන්ත මුල්‍ය අර්බුදයකටය. නඩු දමා  හෝ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අයකරගැනිමට මාන බලන්නේ ඒ නිසා විය යුතුය.
එහෙත් ගැටළුව ඇත්තේ නගර සභාව මුල්‍ය අර්බුදයකට පත්වුයේ ඇයිද යන්නයි.
පසුගිය කාලය තුල ලංසා පවුලේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් අතදිගහැර වැය කරනු ලැබ ඇත්තේ මිගමුව මහනගර සභාවේ මුදල්ය.
මේ පසුබිම තුල රු 5000 ක මරණාධාරයක් වත් ගෙවිමට නොහැකි බව ප්‍රසිද්ධියේ කියා සිටියේ වෙනින් කව්රුත් නොව නගරාධිපති දයාන් ලංසා විසින්මය.
නගර සභාව එසේ බංකලොත් යැයි කියන අතරේ පසුගිය දිනක රු මිලියනකටත් වඩා වැඩි මුදලක් වැය කරමින් ක්‍රිඩා භාණ්ඩ කට්ටල ගෙනවිත් නිමල් ලංසාගේ වැල්ලවිදිය මැතිවරණ කාර්යාලයෙන් බාගෙන ඇති බවද සැලය.
නඩු දමා සල්ල එකතු කරන හේතුව දැන් පැහැදිලිය.
මේ අතර රටපුරා ව්‍යාපාරිකයන්ට සහන සැලසිය හැකි අන්දම ගැන රජය මේ වන විට කටයුතු කරමින් සිටි.අදායම් බදු පමාවට දඩ අය නොකරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.