රටම ඇන්දු හොර මානව හිමිකම් ලොක්කා පොලිස්පති පුජිතව අන්දපු හැටි ?

0
63

jayamtha k 11දෙවියෝ නැති තැන මෝඩයෝ පිණුම් ගසනවා යැයි කථාවක් ඇත.

මේ කියමන මේ දිනවල වඩාත් ගැලපෙන්නේ සංහිදියා චාරිකාව නමින් රටක් අන්දවා වාහන පිරිවරා යාපනයේ සිට හම්බන්තොට දක්වා යන ගමන ගැන සියුම් අධ්‍යයනයක් කරන විටය.
මෙහි ප්‍රධාන සංවිධාකයා වන  ජයන්ත කළුබෝවිල නැමැත්තා  රටේ වෙදෙකු යැයි වඩාත් හොදින් තේරුම්ගත හැකි වන්නේ ශ්‍රි ලංකා මානව හිමිකම් සංවිධානය යැයි අටවාගෙන ඇති  ආයතනයේ වෙබ් අඩවියට ගිය කල්හිය.
මේ පිළිබදව විමර්ශනය කරන විට අපට අපුරු පුවතක් එහි විය.
එනම් පොලිස්පති පුජිත් ජයසුන්දර ඇන්දවිම සදහා මේ හොර මානව හිමිකම් ලොක්කා විසින් යොදා තිබුණ උපායයි.
එයට අනුව පොලිස්පති පූජිත ජයසුන්දරට සෙත්පතා බෝධිපුජා 160 ක් මේ ජයන්ත කළුබෝවිල නැමැත්තා විසින් සංවිධානය කර ඇතැයි වෙබ් අඩවියේ ඇති සටහනයි.
රටක් ඇන්දවිම සදහා මුලින් පොලිස්පතිවරයාව ඇන්දවිය යුතුයැයි ජයන්ත කළුබෝවිලලා හිතන්නට ඇත.
ඇත්තටම මේ ව්‍යාජ මානව හිමිකම් සංවිධානය විසින් රාජ්‍ය ලාංඡනය සිය වෙබ් වෙබ් අඩවියේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කොට ඇත.
එමෙන්ම සිය සංවිධානය විසින් පරිහරණය කරනු ලබන මෝටර් රථ සියල්ලේම ප්‍රදර්ශනය කොට ඇත.
එහෙත් මේ නිතිවිරෝධි රාජ්‍ය විරෝධි ක්‍රියාව ගැන විමසන්නට නීතිය දන්නා එකදු පොලිස් නිළධාරියෙකු මේ රටේ  නොසිටිම කොතරම් නම් අභාග්‍යයක්ද ?
මෙම සංහිදියා පාගමන මීගමුවට පැමිණිමට පෙර අප මේ සංවිධානයේ ඇති ව්‍යාජත්වය සහ රාජ්‍ය විරෝධිබව ගැන පුළුල් හෙළිදරව් කිරිමක් කර සිටියෙමු.
මීගමුවට මේ සංහිදියා චාරිකාව පැමිණිම ගැන අප කර තිබු හෙළිදරව්ව  ගැන අපගෙන් විමසා සිටි මීගමුවේ උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ රාජ්‍ය ලාංඡනය මෝටර් රථවල ප්‍රදර්ශණය කිරිම සපුරා තහනම් බවය.එහෙත් ඒ රාජ්‍ය විරෝධිි ක්‍රියාව ගැන විමසන්නට මීගමුව පොලිසියේ සියළුම උසස් නිළධාරින් මගහැර සිටිියේය.
පොලිස්පතිට බෝධිපුජා 160 ක තියා පොලිස් දෙපාර්තමේන්තුවම ඇන්දු ජයන්ත කළුබෝවිලලා මේ රටේ පුරවැසියන් කි දහසක් නම් මේ වන විටත් අන්දවා ඇතිද ?jayantha k 12