රටම කම්පාවට පත්කරමින් මියගිය විදුහල්පතිට අවමන් කළ අමනුස්සයෙක්.?

0
53
  • funer11funer12funer13deathdeath 2

    සම්පත්ගේ ප්‍රතිචාර
    සම්පත්ගේ ප්‍රතිචාර
    සම්පත් වර්ණකුලසුරියගේ ෆේස් පිටුවේ ඇති පින්තුරය
    සම්පත් වර්ණකුලසුරියගේ ෆේස් පිටුවේ ඇති පින්තුරය

    මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති වන මැක්ස්වල් ප්‍රනාන්දු මහතා පෙරේදා උදේ පාසල තුල රටම කම්පාවට පත්කරමින් මියගොස් සිටියේය
    මෙම මරණය පිලිබද මීගමුව ජනතාවම තැතිගත් අතර විදුහල්පතිවරයෙකුට මෙවැනි මරණයක් හිමිවීම පිළිබද කම්පා විය.
    අද සවස්වරුවේදී ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුවූ අතර, අධිකරණ වෛද්‍යවරයා විසින් මරණය සියදිවි නසාගැනීමක්  බවට නිගමනය කර තිබුණි
    වසර ගණනාවක් පුරා  ගුරුවෘත්තිය තුල සිසු දරුවන් දස දහස් ගණනකට මගපෙන්වා ඇති ගුරු පියෙකු තමන් වසර 10 කටත් වඩා වැඩි කාලයක් විදුහල්පතිවරයෙකු ලෙසින් සේවය කළ විදුහලේ සිය නිල කාමරය තුලදිම අප කිසිදිනක අසා නැති අන්දමින් සිය දිවි හානි කරගන්නට  සිදුව තිබිම යනු මේ මුළු මහත් සමාජයම කම්පාවට පමණක් පත්විය කරුණක්ම නොවේ.
    කිසිවෙකුට සිය ජිවිතය එපා වි මරණය තෝරාගැනිම  දක්වා ගමන් කරන්නට විම විසින් කියා සිටින්නේ කුමක්ද??
    ඒය පාසැල් සමාජයට පමණක් නොව සමස්ථ සමාජයම වෙත මුදා හළ විවෘත අභියෝගයක් ලෙස ලකුණු කර තබනුයේ මිනිසෙකුගේ තනිවිම පිළිබදව අපගේ වගකිම නැවත මතක් කර තබනු පිණිසය.
    තතු එසේව තිබියදී ශාන්ත මරියා විදුහලේ එක් ෆේස් බුක් පිටුවක විදුහල්පතිවරයාගේ මරණය සහ ඔහුගේ සේවය ඉතාම නින්දිත ආකාරයට විවේචනය කරමින් යුරෝපයේ ජීවත්වන  සම්පත් වර්ණකලසූරිය නමැත්තකෙු  අදහස් පළකර තිබේ.
    මොහුගේ ෆේස් බුක් පොෆයිල් එකේ තිබෙන ආකාරයට මොහු  මීගමුව ශාන්ත මරියා  විදුහලේ ආදී සිසුවෙකි.
    ඔහු පවසා ඇත්තේ ඒ කාලේ අපිට පාසල හදන්ඩ දුන්නේ නෑ , ඉදිරියේදී වැඩකිරීමට හැකිවන බවකි. තවද  මිය ගිය විදුහල්පතිවරයාගේ  චරිතය සම්බන්ධයෙන් ද පමණක් නොව එතුමන්ගේ පවුලේ අයගැනද ඉතාමත් පහත් පෙලේ ප්‍රකාශ , සම්පත් වර්ණකුලසූරිය  සදාචාර විරෝධී ලෙස පළකර තිබේ.
    විදුහල්පතිව සිටි කාලයේ පාසැලේ පරිපාලනයට අදාලව ගැටළු තිබෙන්නට පුළුවන. එහෙත් මීගමුවම කම්පාවට පත්කළ මළගෙයක් ඇතුලේ තම වෛරය අන්තර් ජාලයට මුදා හරින්නට කටයුතු කිරිමම යනු ඔහු මිනිසෙකු නොව මිනිස් භාගයක් යැයි ලොවට පවසා හමාරය.
    සම්පත්ලා පිටරට ගොස් සිටින්නේ  සා. මරියා විදුහලේ අධ්‍යාපනය හෝ ක්‍රිඩාව නන්වාලන්නට නොව සිය පුවල සහ සිය පරම්පාරාව ගොඩදාගන්නටය. එහෙත් ඔහු මේ මළ ගෙදරට පැන සිය අවලන් කම රෙදි ගලවාගෙනම පෙන්වා සිටින්නේ අනේ මං ප්‍රංසෙට පැන්නේ සා.මරියා පාසැල් හදන්න ඒකට මේ මැක්ස්වල් මහත්තයා ඉඩදුන්නේ නැතැයි කියාය.
    මීගමුවව මළගෙයක් වු විට පමණක්  නොව  රටටම මළගෙයක් කරන්නට තරම් ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් විනාශයන් මුදාහරින බලවේගයන්ට ගිණි පිඹින්නට මේ සම්පත්ලා ජාතික කොඩියෙන් අමුඩේ ගසාගෙන  ප්‍රංසයේ පාරවල් ගානේ කරන වදුරු කරනම් ඔහුගේ ෆේස් බුක් බැලිමෙන් පෙනේ.
    පුුද්ගලයෙකු සිය ජීවිතය අහිමිකර ගැනීමට තරම් හේතු ලංකාව වැනි සමාජයක තිබිම  ගැන කණගාටු වනවා වෙනුවට  මෙවැනි අවස්තාවක  සාන්ත මරියා පාසලේ විදුහල්පතිවරයාගේ මරණය  උපහාසයට ලක්කරමින් උසුළු විසුළු කිරීම ලාංකිකයෙකුට නම් තරම් නොවේ.
    ඔහුගේ ෆේස් බුක් අඩවියේ ඇති පින්තුරවල පසුබිමින් සිංහල බෞද්ධ  කොඩි මෙන්ම බෞද්ධ ස්වාමින්වහන්සේලා ද වැඩ සිටී.
    එසේ නම් මොහු  බොදුණුවෙකුද  විය හැක.
    එහෙත් කිසිවෙකුගේ මරණයකදි එවන් තිරිසන් ප්‍රතිචාර දැක්විම  නම් බෞද්ධයෙකුට  නොගැලපේ.
    ඔහු ක්‍රිස්තියානිකාරයෙක් නම් කෙසේවත් විය නොහැක.
    එහෙත් ඔහුගේ ආගම මේ දෙකම නොව අමනුස්සකම කම බව ලොවට හඩගා කියා හමාරය.
    දහසක් සිසුන් හට අකුරු කළ ගුරු පියෙකුට මෙසේ පවසන්නට හැකිවීම සම්බන්ධයෙන් ඔබට අකුරු කළ ගුරුවරුන් සිටී නම් ඔබට හැදූ වැඩූ මා පියන් සිටී නම් ඔවුන් ද ලැජ්ජා විය යුතු මොහොතකි.
    සම්පත් වර්ණකුලසුරිය , ලංකාවෙන් පිටවී තමන්ගේ පවුල ගොඩදාගන්න මුළු ජීවිත කාලය පුරාම මහන්සි වන කිසිදු දේශපාලන විචාරයක් නොමැතිව ලකුණු දා ගැනීමට පමණක්   යුරෝපයේ සිට දගලන බොරු දේශප්‍රේමයේ රෙදි පොරවා ගත් හිවලෙකු ගේ ගොඩට වැටී ඇති අයුරු කියවා බලන්න
    සම්පත්ලාගේ මේ නරුමත්වයට උඩගෙඩි දුන් තවත් කතක්ද සා.මරියා විදුහල්ෙෆ්ස් බුක් පිටුවේ සිය නිර්ලජ්ජිතභාවය තවරා ඇත.
    මේ සියළු දෙනාට අපට කියන්නට ඇත්තේ පවුල් පරම්පාර වලට සල්ලි හම්බකරන එක වහාම නවත්වා ලබන සතියේම ලංකාවට එන්න පැමිණ සාන්ත මරියා විදුහල වෙනුවෙන්  මැරෙන කම්ම සේවය කරන්නට කියාය.

    https://www.facebook.com/st.marys.college.negombo.srilanka

    Photo: Don't put like to this post it's not good.Leave you comment


    Sampath Warnakulasuriya
    dan college akka hadanea puluwan mama sport sec.wela innakata meya kerpu dewal wela results tamai mea apita college akka hadanea dunneamea na college akka nathatamea nathi kela dan apita father clode noniswea dennea any wea maxkswel god bless you api maha vidiyea katiya danawa family akkateamea oluwea hoda na kiyala ath college akeadi meheamea keraganie kiyala api hituwea na samahara witea pansen yannea kaling paul pereratea wetchea dea mathake wenea athi

  • Sampath Warnakulasuriya meya innea kaling paga gawa college akka negombowela thiyana hodamea nathi college akka kela
  • Roy Pathiraja Rest In Peace Sir
  • Samila Jayakody ow thamungea athin padi gewewa sampath e thokatyea lamai mara widiyatea unandu una meya maxwell thamai eda sevendays akeatea panala mathch akkea nawathala sampathwera mada gahawea sampath wagea sadarana miniheaketea mada gahaz pu obatea saha rosatea ayethiwanea apayea bawa mathakea tiyaganea college akka kala obatea paul pereratea una deay matake wennea athi