රටම ගිනි තියන මුහුණු පොතේ හනුමන්තලා !

0
170

1-billion-people-logged-into-Facebook-on-Monday-660x400

යම්කිසි සිදුවීමක් පිළිබඳව මූලික තොරතුරක් ලැබුණ විට ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හෙතුවෙන් ජනතාව අනිසි කලබලයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් සදහන් කර තිබේ.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයින් කරන දැනුවත් කිරීම් පිළිබඳව පමණක් අවධානය යොමුකරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.
රටේ සිදුවන ඇත්ත ගැන දැනගැනිමට ප්‍රමාණවත් නිවරදි මුලාශ්‍ර නැති එවන් ඇසුරක් පවා හුරුවක් නැති පිටරටවල ජිවත් වන මුහුණු පොත් වාසින් විසින් මේදිනවල මේ කටකථා පතුරුවා ලිමේ ප්‍රධාන අයවලුන් බවට පත්ව තිබේ.
විපතට පත් ජනයාට රුපියලකින් හෝ උදව් කිරිමට කිසිම හැගිමක් නැති මුහුණු පොතේදි පමණක් ISIS ලාව මරාගෙන මැරෙන අයගෙන් දැන් රට බේරාගත යුතුව තිබේ.
ඒ ඔවුන් බහුතරයක් විසින් අමු බොරු රැසක් සමාජ ගතකරමින්  රට ගිනි තබන හනුමන්තලා වි ඇති බැවිනි.
මේ නිසාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවා අවධාරණය කරන පරිදි මුහුණ පොත හරහා ලැබෙන සියළු දේ විශ්වාස නොකර ස්තිර කරගත් පසු පමණක් බෙදාගන්නා සංස්කෘතියක් ඇතිකර ගත යුතුව තිබේ.
පසුගිය දිනක කිතුණු පිටුවකම අමුලික් පචයක් වපුරා තිබුණි.එනම් ඊජිප්තුවේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල කොට ඇති බව කියමිනි. එය ලැව්ගින්නක් සේ පැතිර කටින් කට ගොස් කලු කපුටන් 7 ක් වැමෑරු පසු ඒ  කිතුණු පිටුවේ දක්වා තිබුනේ එම ප්‍රහාරය 2017 සිදුවු එකක් බවත් ඒ ගැන කණගාටු වන බවත්ය කියාය.
මේ නිසාම මාධ්‍ය ප්‍රකාශක රුවන් මහතාගේ සදහන ගැන අවධානය යොමු කළයුතුව තිබේ.

“ජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත් වන බැවින් සියලු තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රකාශකයින් අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් කරන බැවින් ඒවාට පමණක් අවධානය යොමු කරන්න.”
මුලාශ්‍රය – ada.lk