රටේම පාරවල් හදන ඇමතිගේ පාර යටවුනේ ඇයි??

0
151

මීගමුව දළුපොත මංසන්ධියේ සිට සිරකඳවුරට යන මුළුමනින් යටිවි අවට නිවැසියන්ට නගරයට සේන්දු වන්නට නොහැකි තත්වයක් අද උදෑසන උදාවි තිබුනේ අළුයම ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමගින්ය.
එහෙත් මේ තරම් තත්වයක් වර්ධනය වි ඇත්තේ මේ  පාරේම පදිංචි පදිංචි පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා නිසා යැයි ගම්මුන් චෝදනා කර සිටිති.
අප අමතා කථා කළ එක් අයෙක් පවසා සිටියේ නිමල් ලංසා ඇමැතිවරයා තමන්ගේද නිවසට යන පාර නිසා එය පළල් කරගෙන ඒ දක්වා  කාණු බැදගත්තද ඒ අවට සියළු ජලය බැස යන ප්‍රධාන කානුව පිළිසකර කිරිමට පියවර නොගත් බවය.
ඒ බව අවස්ථා කිපයකදිම දැනම් දුන්නද ඒ වෙනුෙවන් කිසිවක් සිදු නොවුන බව ඔවුන් පවසති.
මේ නිසා මේ කානුව අවට ජනයා මෙන්ම මේ පාර ඔස්සේ සිරකදරට සහ අවට ගම් වලට යන ජනයා මහත් අපහසුවකට පත්වි සිටිති.
පළාත් සභාවේ මහා මාර්ග පිළිබදව  ඇමතිධුරය හොබවන නිමල් ලංසා මහතා අද රටේම කොන්ක්‍රිට් පාරවල් ඉදිකිරිම සදහා ඇමති බැසිල් රාජපක්ෂගේ උවමනාව මත ක්‍රියාත්මක වේ. මේ නිසා ත්‍රිකුණාමලයේ පාරවල් මනින්නටද මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු වන බණ්ඩාර නැමැත්තා ගොස් සිටි බවට සාක්ෂිදrd flood new 4rd flood new 2rd flood new 1 ඕනෑතරම් ඇත.

ජායා-එම්.ඉසෙඩ්.සාජාහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here