රටේ ඇත්තේ එක එක්සත් ජාතික පක්ෂයක් යැයි රනිල් මීගමුවේදි කියයි !

0
229

Rw 1මැතිවරණයට ඇත්තේ සතියක පමණ කාලයකි. රටේ මෙන්ම මීගමුවේද මැතිවරණ බිම ඉතා උණුසුම්ය. එය අන් කවරදාකටවත් වඩා වෙනස් එකක් බවට පත්ව ඇත.
ලංසා පවුලේ ප්‍රකෝටි ගණනින් සල්ලි විසිකළ මැතිවරණ සංදර්ශණ මැද්දේ වුව එදා එජාපය මිගමුව ඉහලින් දිනවා තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කය පවා දිනවාලිමට පසුබිම සකසාලමිනි.
එහෙත් ඒ එජාප අද දෙකට බෙදි ඇත.
එක් පිළක ජනපදනමක් නැති කාවින්ද ජයවර්ධනය . ඒ දුරකථනය අතට ගත් සජිත් පිළෙනි.
අනික් පැත්තේ නියම එජාපයේ ආසන සංවිධායකයා පිට පිට මිගමුව දිනවු රොයිස් විජිතය.
ලංසා පවුලටද මෙවර මිගමුවේදි ඇත්තේ දැවැන්ත අභියෝගයකි.පළමු වරට එළිපිටම ලංසා පවුල් දේශපාලනයට අභියෝග කරන ශක්තිමත් දේශපාලන බලවේගයක් පොහොට්ටුව තුලින්ම මිගමුව තුල නිර්මාණය වි තිබේ.
මිගමුව අද අන් කවරදාකටවත් වඩා උණුසුම් වෙමින් ඇත්තේ එබැවිනි.
එජාප රනිල් වික්‍රමසිංහය ඊයේ මිගමුවට පැමිණ තිබුනේ එවන් උණුසුම් පසුබිමකය.
එපමණක් නොව සමඟි බලවේගයෙන් නාමයෝජනා දි තිබුන 54 දෙනෙකු එජාපයෙන් නෙරපා තිබුනේ ද ඊයේ දිනයේය.
එමෙන්ම සජිත් ප්‍රේමදාසට එරෙහිව දැවැන්ත මුල්‍ය වංචාවක් ගැන විස්තරාත්මක වාර්ථාවක් එළිදැක්වි තිබුනේ ඊයේ දිනේදිය.
මේ පසුබිම තුල ඊයේ එජාපය විසින් මිගමුව කඩොල් කැලේ කියුෆිඩ් ගාර්ඩන්හි පැවැති රැස්විමේදි රනිල් වික්‍රමසිංහ ඉතා තැන්පත් ලෙසින් අපුරු පැහැදිලි කිරිමක් කර තිබුණි.
ඒ ලංකාවට ඇත්තේ එක එක්සත් ජාතික පක්ෂයක් යැයි කියමිනි.
එමෙන්ම එජාපය කඩාගෙන යැමට ප්‍රේමදාස පාලන සමයේදි ඇතැම් අය කටයුතු කරද්දි රනිල් වික්‍රමසිංහ එදා ප්‍රේමදාස සමගින් සිටගත් බවද ඔහු අවධාරණය කළේය.
ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග සිය දේශපාලන ජිවිතයේදි හමුවේ හරි දැක්මක් සහිත ප්‍රබලම දේශපාලන චරිත 2 ක ගැනද ඊයේ සිය කථාවේදි සදහන් කළේය.ඒ එක් දේශපාලන චරිතයක් වුයේ හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකය. අනික් චරිතය නම් රනිල් වික්‍රමසිංහය.
රට ගැන නිවරදි දැක්මක් සහිත නායකයා වු රනිල් සමගින් කටයුතු කිරිමට තමන් එජාපය එක්වු බවද ඔහු එහිදි කියා සිටියේය.
රැස්විම ඇමති හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙරටට අද අවැසිම නුනත තාක්ෂණය හා බැදුන සැමට අන්තර්ජාල පහසුකම් සැපයිමට යහපාලන රජය ගෙන ආ වැඩපිලිවෙලට මෙන්ම ටැප් පරිඝණක පාසැල් දරුවන්ට ලබාදිමට ගත් උත්සාහයට අකුල් හෙලු අන්දම ගැනද කියා සිටියේය.
අද රටේ දරුවන් මුහුණ දි ඇති කොරෝනා අර්බුදය හමුවේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මහත් පිටුවහලක් වියහැකිව තිබුන ඒ පහසුමක් මෛත්‍රිපා සිරිසේන විසින් කඩාකප්පල් කර තිබුණි.
මිගමුව එජාප සංවිධායක යළිත් වරක් ඊයේ දිනයේදිද අවධාරණය කර සිටියේ දේශපාලනය කිරිමට නම් දැවැන්ත ඉවසිමක් තිබිය යුතු බවය.සජිත් ප්‍රේමදාසට ඒ ඉවසිම නැතිකම ගැන අපුරුවට කරුණු කියා සිටියේය.
ඉවසිම නැති අය දේශපාලනයට නොපැමිණ කකුල් කොටුවක් කලුකුම් ඇතිකළා නම් හොද යැයිද කිවේය.
සජිත් පිළට සිග්නල් දමා රනිල් පැමිණ සිටි නිසාදෝ ඊයේ රැස්විමට පැමිණ සිටි කාවින්ද පිලේ මන්ත්‍රින් පිරිසක්ද විය.
මනෝගනේෂන් මිගමුවට ගෙන්වා ලොකු රැස්විමක් සංවිධානය කර තිබුන සජිත් මෝගන් මේ අයගෙන් කෙනෙකි. ලංසා පිළට හොද හැටි මුට්ටි අල්ලන කාවින්දගේ අනෙක් ගෝලයා වු නස්මියාර්ද එහි පැමිණ තිබුණි.එපමණක් නොව අප්පච් මළා වෙනුවෙන් එළිපිට වැඩකරන දළුපත නියෝජනය කරන කාංචනා නාගරික මන්ත්‍රිවරියද ඊයේ දිනයේ මුලසුනේ පුටුවක වාඩිගෙන සිටියාය.,
මේ පිරිසට ඊයේ දිනයේ පැමිණිමට  තරම් බලකරන ලද සාධකය වන්නට ඇත්තේ දැනටමත් පළාත් පාලන නියෝජිතයන් 61 දෙනෙකුගේ එජාපයෙන් නෙරපා හැරිමේ කරුණ විය යුතුය.