රට පවා දිමේ මහා කුමන්ත්‍රණයක්

0
61

chogm add”ලේ හලා රැකගත් මව්බිම, පර සුද්දන්ට පාවාදීමේ මහා කුමන්ත්‍රණයක්, එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් යුතුව, ‘සමගි බලවේගය හා රාජ්‍ය නොවන සංවිධාන එකාබද්ධව නොවැම්බර් 13-14 දෙදින ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ පැවැත්වෙන බව දක්වා නගර කිහිපයක පෝස්ටර් අලවා තිබේ.

‘දේශ හිතෛෂී පෙරමුණ’ නමැති සංවිධානයක නමින් එම පෝස්ටර් අලවා තිබේ.

මෙසේ පෝස්ටර් අලවා ඇත්තේ, එම දෙදින තුල ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ පැවැත්වෙන ‘මානව හිමිකම් උළෙල’ ට විරෝධය පළකරමිනි.

උගත් පාඩම් කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාරධර්ම පිළිපදින ලෙසත් ආණ්ඩුවට බලකරමින් එම උළෙල සංවිධානය කර ඇත.