රට බංකොලොත් කරපු අයට ඡන්දය දෙන්න එපා – මංජු නිශ්ශංක

0
120

මේ රට බංකොලොත් කළේ රනිල් ඇතුළු පළපුරුදු අය බවත්, ඔවුන් කිසිවකුට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා නොදෙන ලෙසත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක පැවසී ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මංජු නිශ්ශංක…

අර්බුදයේ ගැඹුර ආණ්ඩුවට දැනිලා

‘‘රට බංකොලොත් කරපු අය වෙනුවට අලුත් මූණු පාර්ලිමේන්තුවට එවන්න. විපක්ෂය කියනවා ආණ්ඩුව සල්ලි මුද්‍රණය කරා කියලා. අපි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අත්සන් කරල තියෙනවා; ඒ ගිවිසුමට අනුව අපිට තාක්ෂණිකව මුදල් මුද්‍රණය කරන්න බෑ. ද්‍රවශීලතාව සහ භාණ්ඩාගාර බිල්පත් මිලදීගැනීම පිළිබඳ පටලවාගෙන තියෙන්නේ. විපක්ෂය කියනවා ආණ්ඩුව ණය පියවාගන්න මුදල් අච්චුගහනවා කියලා. ආණ්ඩුව තියෙන තත්ත්වය අනුව ණය ගන්නේ නැතිව අමාරුයි. අපිට තේරෙන විදියට අර්බුදයේ ගැඹුර දැන් ජාතික ජන බලවේගයත් තේරුම් අරගෙන ඇති. ඒ නිසා ආණ්ඩුව මේක කරන්න ඕන පරිස්සමින්. මොක ද තියෙන ආණ්ඩුව ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව බෑ. ආණ්ඩුව පවත්වාගෙන යන්න දිගින් දිගටම බැදුම්කර ගන්නවනම් ඊට සමගාමීව රාජ්‍ය සේවය සුහුරු කරන්න ඕන.

අලුත් අය පාර්ලිමේන්තුවට එවන්න?

රනිල් දැන් උගුර කඩාගෙන කියනවා ‘ඕක තමයි මම කියන්නේ මෙයාලට කරන්න බෑ කියලා’ කියල. පළපුරුදු අය ගේන්න කියලත් රනිල් කියනවා. රනිල් මේ කියන්නේ බැදුම්කර වංචාව කරපු අය ගැන ද? මේ ගේන්න කියන්නේ මේ අවුරුදු ගාණට ම සමාජ දේශපාලන පරිහානිය කරපු අය ද? මේ වෙලාවේ රනිල් වික්‍රම සිංහ කියන අත්දැකීම් තියෙන අයට තමයි නොදී ම ඉන්න ඕන. මොකද මේ අය තමයි රට කඩා වැට්ටුවේ. ඒ නිසා සාම්ප්‍රදායික අයව පාර්ලිමේන්තු එවන්න එපා; අලුත් අය එවන්න.’’

theleader.lk