රතිඤ්ඤා කම්හලේ පිපිරීමෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි.

0
86

පෙබරවාරි 13 වන දින    කටාන , කොන්දගම්මුල්ල ප්‍රදේශයේ   රතිඤ්ඥා කම්හලක දී සිදුවූ පිපිරීමකින් අනතුරට ලක්වූ  තරුණයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අවුරුදු 30ක පමණ විවාහක දමිළ තරුණයා දරුණු  පිළිස්සුම් තුවාල සහිතව  මීගමුව රෝහලට ඇතුළත් කළ අතර    අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම සේවකයාව නැවතත් කොළඹ මහ රෝහලට මාරු කර යවන ලදි.
මෙම පිපිරීම සිදුවී ඇත්තේ ඔහු එම රතිඤ්ඤා මඩුවේ වැඩ කරමින් සිටින අතරතුරදී  ය.
කටාන ආසනයට අයත් කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණි කෙලි කර්මාන්තයට ප්‍රසිද්ධ වන අතර මේ වනවිට මෙම කර්මාන්ත ශාලාවල සේවය කරන බහුතරයක් වතුකරය ඇතුළු පිට පළාත් වලින් සේවයට පැමිණි සේවකයින්ය.  වසරකට මෙවැනි සිදුවීම් දෙකක් හෝ තුනක් වාර්තා වන අතර මෙම කම්හල් වල ප්‍රමිතිය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු රාශියක් තිඛේ.  මෙවැනි පිපිරීම් ගණනාවක් හා ජීවිත හානි ගණනාවක් අප විසින් වාර්තා කර ඇති අතර මෙම පිපිරීම් වලට එකම හේතුව  ප්‍රමිතියකින් යුක්තව මෙම කර්මාන්තය නෙපැවතීමයි. ඊට අමතුරව නිවෙස් වල පවත්වාගෙන යන ගිණිකෙලි කර්මාන්තය නිසාද පිපිරීම් හා පිළිස්සීම් ඇතිවේ. නිසි ආරක්ෂණ ක්‍රමවේද පවත්වාගෙන යෑමෙන් තොරව සිදුකරන මෙම කර්මාන්තය නිසා බොහෝ අවස්ථාවන් වලදී මේ ආකාරයට සේවකයන්ගේ ජීවිත අහිමි වේ.fire4