රතුපස්වල ජනඅරගලයේ නියමුවාට මරණ තර්ජන ???.

0
199

රතුපස්වල ජල ගැටළුවට මුල් වී කටයුතු කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ උන්වහන්සේ සමග පෙරමුණ ගෙන කි‍්‍රයාකළ කණ්ඩායම් අතර යම් මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත. රතුපස්වල ජලමූලාශ‍්‍රවලට බලපෑම් එල්ල කළ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව ලබන වසරේ අපේ‍්‍රල් මස තිස්වනදා දක්වා පවත්වාගෙන යාමට අදාළව ගිවිසුමට අත්සන් තැබීම හේතුවෙනුන්  පූජ්‍ය තෙරිපැහැ  සිරිධම්ම හිමියන්ට ගම්වාසීන්ගෙන් විරෝධය පළවී ඇත.
මෙහි ප්‍රථිපලයක් ලෙසින් පොලිසියේද මැදිහත්විම මත කර්මාන්ත ශාලව ලබන අප්‍රෙල් දක්වා පවත්වාගැනිමට අවසර දෙන බවට සදහන් ගිවිසුමට අත්සන කරන ලද විද්වත් කමිටු සාමාජික සම්පත් මහතා ඊයේ මාධ්‍යට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඉවත් වුෙය් ජනතාව අකමැති ගිවිසුමක් රකින්නට ඔහුට අවශ්‍ය නොවන බවත් එයට අත්සන කරන ලද්ෙද් තෙරිපැහැ සිරිධම්ම හිමිගේ ඉල්ලිම පිට බවත්ය.

මේ අතර ඇතැම් නිතිඥයන් සහ පොලිසිය මේ දිනවල දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනේ ඒ පෙර කි ගිවිසුම නිතිමය ප්‍රකාශනයක් ලබාදිම සදහාය.
එහෙත් රතුපස්වල ජනයා එකහෙළා කියන්නේ තමන් කිසිසේත් මේ කම්හල ලබන අප්‍රෙල් දක්වා ගමේ තබාගන්නට ඉඩනොදෙන බවය.
මේ හේතුවrs1Ratu-pass5 නිසා කම්හලේ පැත්ත ගෙන අහිංසක ගම්වැසියන්ගේ ඉල්ලිමට පිටු ක්‍රියාකරන ඇතැම් විද්වත් කමිටු සමාජිකයන් මේ සටන අඩපන කිරිම සියළු උත්සාහයන් ගනිමින් සිටින බව වාර්ථා වේ.
රතුපස්වල ජල අයිතිය වෙනුවෙන් නොසැලි ක්‍රියාත්මක වෙමින් සිටින ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා වෙත ඊයේ රාත්‍රියේ විද්වත් කමිටු සාමාජිකයෙකු විසින් මරණ තර්ජන ඉල්ල කර ඇතැයි ද වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here