රථගාල් පහසුකම් නැති ව්‍යාපාරික ගොඩනැගිලි මීගමුවේ හැමතැනම ? අවසර දුන්නේ කව්ද ?

0
43
ශා.ජෝශප් විදියේ ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ලක්
ශා.ජෝශප් විදියේ ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ලක්
ශා.ජෝශප් විදියේ ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ලක්

අලුතින් ඉදිවෙන හැම ගොඩනැගිල්ලකටම අනිවාර්යෙන්ම රථගාලක් තිබිය යුතුය.එහෙත් මීගමුවේ ඇති මේ බොහොමයක් ගොඩනැගිලි වලට රථගාල් තිබෙන බවක් නම් නොපෙනේ .
නිතිවිරෝධි අකාරයෙන් ඉදිකර ඇති රහිමියා නම් හෝටලයට අදාලව ඒ සියල්ල කරගෙන යාමට ලැබුන විශාල සන්තෝෂම් මත ඉඩ දි තිබුනේ ලංසා පාලනයයි.
රහිමියා හෝටලය පිහිටා ඇති අකාරය අනුව කිසිදු රථගාලක් එහි නැති බව තේරුම් ගැනිම සරල කරුණකි.
තතු එසේ වුවද නගරය මැද මේ වැරැද්ද සිදුකරන ලද ලංසා පාලනය මීගමුව කප්පම් සහ අල්ලස් ගන්නා දේශපාලන අධිකාරියක් සහ පරිපාලන අධිකාරියක් නිර්මාණය කොට තිබුණි,
මල්ව්ත්ත පල්ලිය අසල දැනට ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ල නිරික්ෂණය කරද්දි ඉතා පැහැදිලිව පෙනි යන කරුණ වන්නේ මේ ගොඩනැගිල්ල සදහාද රථගාල් කිරිමට වැඩපිළිවෙලක් නොමැති බවය.
එහෙත් මැජික් කරුවන් මෙන් නගර සභාවෙ සිටිනා ඇතැම් කපටි නිළධාරින් පිරිසක් මේවැනි ගොඩනැගිලි සදහා මැජික් ආකාරයෙන් රථගාල් මවා පෙන්වා තමන්ගේ ද සාක්කුව පුරවාගෙන අනුමැතිය ලබාදෙති.
මේවා ගැන සොයා බලා නිසි දඩුවම් දිමට හැකි නගර පාලනය ලබන වසරේ අනිවාර්යෙන්ම ස්ථාපිත කළ යුතුව තිබේ.