රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ලංසා පැවරූ නඩුව සමථයකට පත්වෙයි !

0
241
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව පසුගිය 8 වන දින අතිරේක දිසාවිනිසුරු නුවන් තාරක හිනැටිගල මහතා ඉදිරියේ සමථයට පත්ව තිබේ

2014 මාර්තු මස 26 දින මීගමුව ලෙයිටන් පාර්ක් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකදී රන්ජන් රාමනායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුව අද අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවේ සමථය සඳහා කැඳවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ විත්තිකරුගේ වචනවල කිසිම අවස්ථාවක පැමිණිලිකරුගේ නම භාවිතා කර නොමැති බවත් නමුත් විත්තිකරුගේ වචනවලින් පැමිණිලිකරුට සිත් තැවුලක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවයි.

විත්තිකරු පසුගිය කාලයේ මුහුණදුන් කරුණු සලකා බලා අද දිනයේ විවෘත අධිකරණයේ විත්තිකරු සිදුකළ කනගාටුව ප්‍රකාශ කිරීම පැමිණිලිකරු පිළිගන්නා බවත් මෙම කරුණු අනුව සමථ නඩු තීන්දුවක් ඇතුළත් කරන ලෙසත් ඒ අනුව මෙම නඩුවේ නඩුකටයුතු අවසන් කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනබව පැමිණිලිකාර නිමල් ලාන්සා මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් විසින් ඉල්ලා තිබුණි

මුලාශ්‍රය – දිවයින