රන්ජන්ගේ බඩු බෙදිල්ලට හැමවිටම පොලිස් පාට් දැමු පිරිස රන්ජන්ව හිරේ යවයි !හිරු සියල්ලට ඉහලින් සිට මෙහෙයවයි !

0
185

rnajan 5රංජන් රාමානයකව හිරේ යවන තැන  දක්වා සියලු කටයුතු කිසියම් පිරිසක් විසින් කලින් සැලැසුම් කොට අධ්‍යක්ෂණය කරන ලද්දක් ලෙස පැහැදිලිව පෙනි යන්නේ එය හිරු නාලිකාවට breaking news එකක විමත් , එපමණක් නොව අදාල සිදුවිම ඒ මොහොතේම පටිගත කොට හිරුට එවා තිබිමත් ගැන සලකා බලන කල්හිය.
කෙසේ වෙතත් පසුගිය දිනවල රංජන් රාමනායක විසින් තමන්ට තෙමසක් විසිමට අයිතිය ඇති මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ සිට කොරෝනා ව්‍යසනයෙන් පිඩාවට පත් ජනයා හට කන්නට හාල් සහ එළවළු එක් රැස් කරද්දි රටක මතුව ඇති අර්බුදයකට ඉතා සුලුවෙන් හෝ උදව් කරන්නට උත්සාහ කරන අයෙකුට දෙන අන්දමේ වත්  සුලු සහයක් නොදුන් මාදිවෙල පාර්ලිෙම්න්තු සංකිර්ණයේ පොලිස් මුර පලේ මුරකරුවන් හැමදාම හිටියේ හරහට බව මුළු රටම දන්නේ වඩාත් නිවරදි ලෙසින් රංජන් සිය සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ රටටම හෙළිකර තිබු බැවිනි.
ඒ අනුව බලන කල රංජන්ගේ මේ සමාජ මෙහෙවර දිරවු නැති මුරපොලේ සිටි ඇතැමුන් හා එයට එක්වු ඇතැම් නාලිකා එක්ව කරන්නට යෙදුනා යැයි සිතිය හැකි ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රථිපල අනුව අද වන විට රංජන්ගේ නිවෙස් ගොඩ ගසා ඇති ඉතිරි හාල් ටික මේ අවුරුදු දචසේ දුප්පතුන්ගේ කුසගින්න නිවාදැමිම බෙදාදිම ඇනහිට තිබේ.
මේ අනුව බලන කල හිරුගේ ඒජන්තයන් විසින් කැමරාගත කොට රටට කියු පිසියෝ තෙරපි කථාව පිටුපස ඇත්තේ අන් කවරක්වත් නොව මේ හාල්බෙදිමෙම දිගුවකට අදාල කොටසකි.
ඒ අනුව ඇත්තටම රංජන්ට බාධා කරන්නේ කව්දැයි දැන් රටම දනි.
ඒ බාධාවන්ට කරබාගෙන සිටියේ නම් පසුගිය දිනවල දුප්පතුන්ට ලැබුන හාල් ටිකවත් ලැබෙන තත්වයක් ඇතිවන්නේ නැත.ඒ නිසාම නැතිවෙන්නට දෙයක් නැති රංජන් බොරු ඩිල්වලට නොයා ඇත්ත වෙනුවෙන් කට සැරකර ගත්තේය.
තතු එසේව තිබියදි රංජන්ව අත්අඩංගුවට ගැනිම හාල් බෙදිම හා කිසිදු සම්බන්ධයක් නැතැයි කියමින් මේ වන විට බුකියේ රඟදෙන කී බෝඩ් විරයන්ට කියන්නට ඇත්තේ හඳ පෙන්නවන විට ඒ දෙස බලා ඇත්ත කියවා ගන්නට පුරුදු වෙනලෙසය.
එහෙත් මේ බයියන් පුරුදුව ඇත්තේ ඇඟිල්ලේම එල්ලෙන්නටය.
මිගමුවේ එවන් බයියෙක් අපට කමෙන්ට් කරමින් මෙසේ පැටලි තිබුණි.ඔහු ගියා යැයි කියන්නේ විස්ඩම් නම් පාසැලකටලු විස්ඩම් කෙසේ වෙතත් වැස්සකටවත් පාසැලකට ගිය අයෙකුට දුප්පතෙකුට බත් ටිකක කන්නට ඉඩ සලසන තමන්ගේ හතුරෙකුටවත් විරුද්ධ වන්නේ නැත.එහෙත් මිගමුවේ පමණක් නොව රට පුරා මෙවන් මිනිස් භාගය දැන් පදුරු ගානේ වල් වැඩවල නිරතව සිටිති . මේ වල්කම් නිසාවෙන් දුප්පතුන්ට කුසගිනි නිවාගන්නට හැකියාවක් ඇති එක වේලක් පවා අහිමි කරවන තැනට මේ මිනිස් බාග දැන් කටයුතු කරති.