රන්ජන්ට ජනපති සමාව ඉල්ලා කලාකරුවෝ පෙළගැසෙති !

0
135
image 6a1491a633
image 9dad2267de

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවෝ අද දින පුවත් පත් සාකච්ජාවක් පවත්වා තිබුණි .

රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන බවත් කලාකරුවෝ පැවැසූ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධිත ජයරත්න, නදීකා ගුණසේකර, සුනිස් ටී ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.
මුලාශ්‍රය – ලංකාදිප

image 21a73f2eed

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here