රන්ජන් රාමනායක වෙනුවෙන් අභියාචනයක්

0
78

  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කරන බව කියමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වඩා විශාල විනිසුරු මඬුල්ලකින් විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට විපක්ෂයේ නීතිඥ කණ්ඩායමක් සූදානමින් සිටින බව ‘අනිද්දා’ (anidda.lk) පුවත්පත වාර්තා කර තිබේ.  

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ තීන්දුව ලබාදුන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයකින් වන අතර පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්, සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හෝ සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලීමට නියමිතය.  

සමගි ජන බලවේගයේ නීතිඥවරුන් සහ රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ‘අනිද්දා’ සමඟ අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ නායකයන් කිහිපදෙනෙක් පවසා තිබේ.

  අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අත්සන් තබා ඇති බවත්, එම ප්‍රඥප්තියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙන බවත්ය.    ඒ අනුව අදහස් ප්‍රකාශනයේ අයිතිය තහවුරු කළ යුතු බවත්, යම් නඩු තීන්දුවක් එක් වතාවක් හෝ අභියාචනයකට ලක් කිරීම සඳහා අධිකරණය බැඳී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.   (තරිඳු උඩුවරගෙදර)