‘රන්ජන් රෙකෝඩ්ස්’ : අසාම් අමින්ට අන්තවාදීන් ගෙන් බලපෑම් – BBC සේවයත් අහිමිවේ !

0
68
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වීමෙන් උද්ගත වූ විරෝධය සැලකිල්ලට ගෙන මාධ්‍යවේදී අසාම් අමීන්ව BBC ආයතනය විසින් සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම අන්දොලනත්ම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඔහුට හා BBC ආයතනයට එරෙහිව අන්තවාදීන්ගේ සමාජ මාධ්‍ය හරහා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර එහිදී අමින්ව සේවයෙන් ඉවත් කිරීමට BBC ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ගය ඔවුන්ගේ නොමද සතුටට හේතුවී ඇති බවද පෙනේ.

කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ විශේෂ සටහනක් පළකර ඇති ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

අසාම් අමීන්ව ඉවත් කරන ලද්දේ කුමන පදනමකින් ද?

”බීබීසිය Azzam Ameen අසාම් අමීන්ව ඉවත් කරන ලද්දේ කුමන පදනමකින් ද යන්න තවමත් පැහැදිලි නැත. ඔහුගේ පැත්තෙන් කිසිම කරණු දැක්වීමකට ඉඩ නොදී කිසිම පරීක්‍ෂණයක් නොපවත්වා ඒක පාර්ශවීය ලෙසයි මේ ඉවත් කිරීම කර ඇත්තේ. බොහෝවිට අද එම තීන්දුව ඔහු වෙත ලිඛිතව ලබාදීමට ඉඩ ඇත.

ඒත් මේ අරබයා ඇතිවී ඇති සංවාදය දෙස බැලීමේදී කරුණු කිහිපයක් පෙන්වා දිය හැක.

පලමුව මේ සිදුවී ඇතැයි කියන සංවාද සිදුව ඇත්තේ කුමන සංදර්භයක ද යන්න ප්‍රේක්‍ෂක/ග්‍රාහක අපට නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් නැත. ඒවා සන්ධභයෙන් පිටතට ගෙන, සංවාද කිහිපයක් එකිනෙක යාකොට සංස්කරණය කර ඇත යන චෝදනව ගැනත් සලකා බැලිය යුතුය.

අනිසි ලෙස හසුරුවනු ලැබූ හඬ පටයක ඇති නොමඟ යැවීමේ හැකියාව දැන සිටින්නේ බොහෝවිට ඒවාට සහභාගී වූ අයත්, එම හඬ පට සංස්කරණය කරනු ලැබූ අයත් පමණි, අසන්නන්ට බොහෝවිට එය තේරුම් ගැනීමේ හැකියාවක් නැත.

දෙවන කරුණ අසාම්ගේ ස්වාධීනත්වය ගැන මතුකරන ප්‍රශ්ණයයි. යම්කිසි මාධ්‍යකරුවෙකු කිසියම් ක්‍රීඩා සමාජයක සමාජිකත්වය දරණ විට ඔහු විසින් කරනු ලබන ක්‍රීඩා වාර්තාකරණය ගැන පාඨකයා බලනුයේ සැකයෙනි. ඒ වගේම කිසියම් මාධ්‍යවේදියෙකු දේශපාලන පක්‍ෂයක උපදේශකයෙකු ලෙස සේවය කර ඇතිවිට අඩුතරමින් එම පක්‍ෂපාතීත්වයේ බලපෑම තවදුරටත් පවතින බව පාඨකයින් සිතන්නට ඉඩ තිබේ.

ඔවුන් ඒ වාර්තාකරණයන් පිළිබඳව නිගමනවලට එන්නේ ඒවා සිතේ තබා ගෙනය. එය මාධ්‍යකරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ.

ස්වාධීනත්වය යනු තමන් කරනු ලබන වාර්තාවන් තුලට තම පුද්ගලික විශ්වාසයන්, ලැදියාවන් ඇතුලු කිරීමෙන් වැලකී සිටිමය. වෙනත් වචන වලින් කියනවා නම්, තමා ලියන කතාවත් තමාත් අතර දුරස්ථබාවයක් පවත්වා ගැනීමය. එඩිටෝරියලයිස් කිරීමෙන් වැළකී සිටීමය.

මාධ්‍යවේදියෙකුගේ විශ්වාසයන්, අවනතභාවයන්, පක්‍ෂපාතකම් තේරුම් ගැනීම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික මුල්‍ය හෝ ද්‍රව්‍යමය හෝ වෙනත් පලප්‍රයෝජන වලින් පැහැදිලිව වෙන්කොට හඳුනාගත යුතුය. ප්‍රශස්ථම කතා ලියා ඇත්තේ විෂය කාරණා පිළිබඳව බලවත් හැඟීමෙන් උනන්ඳුවක් සහිත මාධ්‍යවේදීන් විසින්ය යන්න අප දන්නා කරුණකි.

ඒ අනුව පෞද්ගලික විශ්වාසයන් හා බැඳීම් නිසඟයෙන්ම ආචාර ධර්මීය ප්‍රශ්ණයක් නොවේ යන්න පිළිබඳව ආචාර් ධර්ම පිලිබඳව හදාරන්නන් ඕනෑ තරම් කියවා ඇත. ඒවා ආචාර ධර්මීය ප්‍රශ්ණ වන්නේ නිරවද්‍යතාව, සාධණත්වය හා ස්වාධීනත්වය බිඳ දමන විටය.

අසාම් තම වාර්තාකරණය තුල ඒවා කඩකර ඇත්ද? සෙවිය යුතු පළමු කරුණ එයයි.

අසාම් පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන තිබේද ?

සංස්කරණය කළ හඬපට තුල පෙනෙන දේ අසාම් රන්ජන්ට උපදෙස් දීමය. රන්ජන් ඇසුවාද, බලෙන් දුන්නාද යන්න කරුණ එතරම් අදාල නැත. අවශ්‍ය වන්නේ ඒ තුලින් අසාම් පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබා ඇතැයි යන්න ඔප්පු කිරීමය.

බීබීසී සිංහල සේවයත් ඉංග්‍රීසි ලෝක සේවයටත් ඇති සියලු විවේචන අසාම් පිටින් යැවීම අසාධාරණ වේ. එම ආයතන දෙකම සමහර විට නිවැරදි අපක්‍ෂපාත කරුණු ඉදිරිපත් කිරීම නිසා සමාජයේ යම් කොටසක, එනම් ඒ ඒ අවස්ථාවෙ බලයේ සිටින ආණ්ඩුවලට පක්‍ෂපාත අයගේ විරෝධයටද, ආචාර් ධර්ම කඩ කිරීම් නිසා ඒව තකන ඉතා සුලු සමාජ ස්ථරයකගේද විරෝධයටද පාත්‍ර වී ඇත.

අසාම් සම්බන්ධ හඬපට කෑලි එලියට ආවිට සමාජ මාධ්‍ය තුල ඔහුට එරෙහිව ආ විවේචන තුලින් දැක ගත හැකි වූයේ ඒ විවේචනය. ඊට අමතරව ඔහු මුස්ලිම් ජාතිකයෙකු වීම නිසා කරනු ලැබූ නින්දිත ජාතිවාදී ප්‍රලාපය. ඒවා සියල්ලට අසාම් වගකිවයුතු නොවේ.

බීබීසී සිංහල සේවයේ බලවතුන් කලක පටන් අසාම් සමඟ උරණව සිට ඔහුව යම් යම් දේවලින් ඉවත්කර තැබූ බව නොරහසකි. ඔහුව කපා තමන්ගේ හෙංචයියෙකු පත්කර ගැනීමටත්, සියලු පවු අසාම් පිට පටවා තම ආයතනයට එල්ලවී ඇති විවේචන වලින් බේරීමට මේ හඬපට යොදා ගන්නා බව මට සිතේ.

අසාම් තමන් අතින් වරදක් වී ඇතැයි සිතන්නේ නම් ඒ සඳහා සමාජයෙන් සමාව ගත යුතුය. හඬපටවල අඩංගු සියල්ල නොදැන, ඒවායේ ඔතෙන්ටික් බව ගැන සහතිකයකින් තොරව නිගමනවලට එළඹීම එතරම් යෝග්‍ය නොවේ.

ඔහුට සුබ අනගතයක්!