‘රන්ජන් රෙකෝඩ්ස්’ : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

0
105
යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් රහසිගතව පටිගත කරන ලද දුරකථන සංවාද තම තමන්ට වාසි සහගත ලෙස සංස්කරණය කර මාධ්‍ය ඔස්සේ බෙදාහැරිම ආණ්ඩුවේ එක් පාර්ශවයක අධීක්ෂණය යටතේ සිදුවන්නක් බව මේවනවිට තහවුරු වෙමින් පවතී.

මේවනවිට එම ‘මඩ’ මෙහෙයුම විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඉලක්ක වී තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අතර සිදුකෙරෙන සාකච්ජාවක් විකෘති කරමින් ඊයේ (15) සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු හඬපටය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු වන දිලිත් ජයවීරට හා වරුනි අමුණුගමට එරෙහි ප්‍රකාශයක් ද ඔබා තිබීම ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම ප්‍රකාශයට පත්වීමකි.

දිලිත් ජයවීර සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් ඇතුලත් එම හඬපටය ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් දී පළකර තිබීම ද විශේෂ කාරණයකි.

Mada text 1 16
ආණ්ඩුවේ මෙම හඬපට මෙහෙයුම සම්බන්ධයෙන් සති අන්ත ‘අනිද්දා’ ජාතික පුවත්පත සිය කතුවැකියෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබිණ.  එම කතුවැකිය පහත පළවේ.

කුණු රස බෙදන ආණ්ඩුව කුණු රස විඳින සමාජය:

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬ පට මේ දිනවල යහමින් බෙදා හැරීම අලුත් ආණ්ඩුවේ ‘මහජන වගකීම’ බවට පත් කර ගෙන තිබේ. ආණ්ඩුව කරන හැටි ගැන, වියත් මගේ සිට ඇඟ පුරා තවරා ගත් දහසක් විදග්ධ න්‍යාය කුණු බක්කියට දමා, දේශපාලන පළිගැනීම් කිරීමත් , කුණු රස බෙදීමත් ආණ්ඩුව තමන් වෙත පවරා ගෙන තිබේ.

මේ නම් අලුත් ජනාධිපතිරයාත්, ආණ්ඩුවත් බලයට එන්නට පෙර ජනතාවට මැවූ ප්‍රතිරූපය මුළුමනින්ම පරස්පර, සිල්ලර ගණයේ හැඩයෙකි.

රංජන් රාමනායක මහතාගේ හඬපට මේ මොහොතේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන බව ඇත්තය. එහෙත් ඒ ආන්දෝලනයට යටින් ඉහවහා යන කුණු ගඳක්, කුණු රසයක් මුළු සමාජයේ පුරාම ඒ හරහා පැතිරෙමින් තිබේ.

Mada text 16 2දුරකථන කතාබහක් යනු සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන පෞද්ගලික සංවාදයකි.  එවැනි පෞද්ගලික සංවාද ඒ දෙදෙනා අතරත්, ඒ මොහොතේත් පවතින සන්දර්භයට හැම අතින් ම අනුකූල වෙයි.

එහෙත් එහි එක් පාර්ශ්වයක් විසින්, අනෙක් පාර්ශ්වයට නොදන්වා එම සංවාද පටිගත කිරීම වනාහි මුළුමනින්ම සදාචාර විරෝධී, ඉතා ම පහත් පෙළේ හැසිරීමකි. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඒ පහත් පෙළේ කාරියෙහි නිරත වී තිබේ.

තමා සංවාද පටිගත කරන බව අනෙක් පාර්ශ්වයට දැන්වූයේ නම් , ඒ පාර්ශ්වය කියන දේ දැනට පටිගත වී ඇති ආකාරයට වඩා මුළුමනින් ම වෙනස් වන්නට ඉඩ තිබෙන බව අමුතුවෙනක් කිව යුතු නැත.

එහෙත් දැන් සිදු වී ඇත්තේ රාමනායක මහතා කුමන හේතුවක් සඳහා පටිගත කරන ලද එම සංවාද , ආණ්ඩුවේ ද අනුදැනුමෙන්, ආණ්ඩුවට හිතවත් මාධ්‍යවලින් හා සමාජ මාධ්‍යවලින් සීරියල් කරමින් වරින් වර නිකුත් කිරීමය.

ආණ්ඩුවේ අරමුණ පැහැදිලිය. තමන්ට විරුද්ධ දේශපාපන ක්‍රියාකාරිකයන්ගෙන් පළි ගැනීමත්, ඔවුන් නීතිමය වශයෙන් දංගෙඩියට ගෙනගොස් තමන්ට එල්ල වන විවේචන වළක්වා ගැනීමත් ය. ආණ්ඩුවේ මාසයක ආයු කාලයේ දුරුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සමාජය පවතින කතාබහ වෙනකට හැරවීමත් ය.

හැබැයි, ඒ සියල්ලටමත් වඩා කැපී පෙනෙන්නේ, මිනිසුන් දෙදෙනකු අරත විවිධ තත්වයන් යටතේ හා විවිධ අවශ්‍යතාවන් යටතේ සිදු වූ, සමහර විට ඉතාමත් පෞද්ගලික ස්වභාවයේ දුරකථන සංවාද, සමාජයේ හැම තරාතිරමක ම ගෞරවනීය සාමාජිකයන් විසින් කුණු රස විඳමින් ප්‍රසිද්ධියේ අසමින් සිටීමය.

කාර්යාලවලත්, වෙළඳපොලේදීත්, ගෙදරදීත්, මගතොටේදීත් ශ්‍රී ලාංකික විනයගත ජනතාව ඒ කුණු රස විඳිති. ඒ ගැන මහත් අභිරුචියෙන් අදහස් හුවමාරු කර ගනිති.

අහස උසට නැග ඇති පාරිභෝගික භාණ්ඩවලින් ඇතිවන පීඩනය, රංජන් රාමනායකගේ සීඩී තැටිවල කුණු රසයෙන් සමනය කර ගනිති.

Mada text 16 3දෙදෙනකු අතර පෞද්ගලික ව සිදු වන සංවාදයක් හෝ හැසිරීමක්, එම සන්දර්භයෙන් ගලවා පියතට ගෙන ප්‍රසිද්ධියට පත් කළ විට සම්පුර්ණයෙන්  ම වෙනස් ආකාරයක් ගනීයි. එවැන්නක් සිදුවන්නේ ඒ පාත්‍රයන්ගේ කැමැත්ත නැති ව නම් එමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ද හානි සිදු වෙයි.

පෞද්ගලික සංවාද මහජන අවකාශයට ගෙන ආ නොහැකි යැයි නියමයක් නැත. එහෙත් මාධ්‍යවලට එවැනි අවස්ථාවක සලකා බැලීම සඳහා බලවත් මිණුම් දණ්ඩක් තිබේ. එනම්, ‘මහජන යහපත  යි. වෙනත් විදියට කියනවානම් කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ සීමාව විනිවිද යන්නට මාධ්‍යයකට ඉඩක් ලැබෙන්නේ, එය මහජන යහපත සදහා ම වන්නේ නම් පමණයි.

රංජන් රාමනායක පටිගත කොට ඇති සමහර සංවාද ප්‍රසිද්ධියට පත් කිරීම මහජන යහපතට හේතු වන්නේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත්, මේ දක්වා මාධ්‍යවලින් ප්‍රසිද්ධ වී ඇති සංවාද සියල්ලක් ම පාහේ එම මිණුම් දණ්ඩෙන් සලකා බලද්දී නම්, අසමත් බව කිව යුතුය.

අධිකරණය ගැනවත්, අපරාධ විමර්ෂණ ගැනවත් වෙනත් දෙයක් ගැනවත්, සඳහන් වුණාට, එවැනි පෞද්ගලිකව සිදුවන සංවාධයක් අපරාධයකට හෝ වෙනත් වැදගත් අක්‍රමිකතාවකට හෝ හේතුවක් නොවන තාක් කල් ඒවායේ මහජන වැදගත්කමක් නැත.

Mada text 16 4මේ සියලුම පාහේ සංවාද පවතින්නේ එම තත්වයේය. එහෙත්, බල අධිකාරියට හෙවත් ආණ්ඩුවකට ඒවා තමන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් අර්ථ දක්වා ගත හැකිය.

හොඳම උදාහරණය, තමා ඝාතනය කිරීමට රංජන් රාමනායක හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා අතර කුමන්ත්‍රණයක් තිබුණා යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිර්මාණය කර ඇති කතාවයි.

එනයින් රංජන් රාමනායකගේ හඬ පට ආණ්ඩුවද , දේශපාලකයන්ද මතු නොව මහජනතාවද මොනවට නිරුවත් කර තිබේ. අධිකරණයේ රජයේ නිලධාරී සමහර දෙනාත් එහි වින්දිතයෝ ය.”
theleader.lk