රන්ජාගේ හඬපට හරහා ‘බ්ලැක්මේල්’ කිරීමේ මෙහෙයුමක්! – ‘අසභ්‍ය’ වීඩියෝ ‘මිසින්’

0
221
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි.

text 6 3. 1පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය.

මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ.

විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

හඬපට ගැන විශේෂ විමර්ශනයක් !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.

කෙසේවුවද, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී නිල නිවසේ තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ DVD හඬපට බොහොමයක් මේවනවිට ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට ඒ අතර වේ.

ආණඩුවට හිතවත් සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝ පට විකාශය කරමින් ආණ්ඩුව අධිකරණ විනිසුරන් හා අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් ‘බ්ලැක්මේල්’ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බවට ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති lankadaily.com කර්තෘ, මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන, මෙසේ විමසා තිබේ.

පොලිස් අත්අඩංගුවේ තියෙන හඬ පට එළියට දාන්නේ
දේශපාලන මැදිහත්වීම මත නෙවෙයිද?
මේවා අධිකරණයට කරන බලපෑම් නෙවෙයිද?”