”රන්ජා කළ වැඩේ වැරදි වෙන්න පුළුවන්, එත් එයින් මතුවුණ සමාජ යතාර්ථය බැහැර කරන්න බැහැ” – මංගල කියයි

0
91
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කටයුතු කර ඇති ආකාරයේ  ‘සදාචාරාත්මක භාවය’ පිළිබඳ තමාට ද බරපතල විවේචනයක් ඇතත්,

ඔහු විසින් මතුකරන සමාජ යථාර්තය කිසිවකුට බැහැර කරලිය නොහැකි බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, මාතර ඊයේ පැවති ‘මංගල සමග පිළිසඳර’ සංවාදශීලි හමුවකදීය. ඒ එම හමුවට සහභාගිවී සිටි තරුණියක, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් හා සමාජ මාධ්‍යවල පලවී ඇති මංගල මන්ත්‍රීවරයා හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ගත් ‘සෙල්පියක්’ පිළිබඳව කළ විමසීමකදීය.

”ඇත්තටම රාවය කර්තෘ වික්ටර් අයිවන් මහත්තයා කියනවා වගේ දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍ය බාරයක්. මේ සමාජය අන්තයටම පිරිහිලා. මුළුමනින්ම කුණුවෙලා. එහි දුගදේ තරම රන්ජන් ගේ පටිගතකල දුරකතන එකතුව ආශ්‍රයෙන්වත් ලංකාවේ ජනයා තේරුම් ගැනීමට සමත් වෙතොත් දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ ඵෙතිහාසික කාර්‍යබාරයක් කියල වික්ටර් අයිවන් කියලා තිබුනා.

එක ඇත්ත. පවතින සමාජ යථාර්තය රන්ජන්ගේ හඬපට වලින් එලියට ආවා. අපි මේවා සඟවන්න අවශ්‍ය නැහැ. මේවාට දේශපාලනඥයින් ලෙස අපිත් වගකිව යුතුයි.” කියා සිටි මන්ත්‍රීවරයා, ”රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ තහනම ඉවත්කර ඔහුව යලිත් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ යුතු බව තමාගේ අදහස යයි ද එහිදී සඳහන් කර සිටියේය.
theleader.lk