මෙම ජල ටැංකි මගින් සිදුකරන්නේ වැඩිපුර ජලය ටැංකි වලට උරාගෙන නල පද්ධතිය මගින් මුහුදට බැහැර කිරීම සිදුකිරීමයි. එම ස්ථානයට ජල ටැංකි සහ මෝටරක්ද ස්විච් පද්ධතියක් ද අද සවිකරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා දරන්නට වූ වියදම ලක්ෂ 6-7ක් අතර මුදලක් බවද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා පැවසීය.
මෙම අවස්ථාවට ජේෂ්්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු අමත්‍යවරයා ,පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත ප්‍රනාන්දු , ප්‍රාදේශීය සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රදේශීය ලේකම්වරිය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී සරත් වික්‍රමරත්න යන අය සහභාගී වූහ.
සටහන සහ ඡායා – ෂෙහාන් එරංග