රන් බඩු සාප්පුවේ කොල්ලකරු පොලීසියට

0
198

2013 අගෝස්තු 22 වනදා මංකොල්ලකරුවෙකු විසින්  මීගමුවේ රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කා එහි සේවකයෙකුට ද ඇසිඩ් ගසා, පොලු පහර දී  පළා ගොස් තිබුණි. අගෝස්තු 28 වනදා  මීගමව පොලීසිය විසින් මෙම මංකොල්ලකරු  එම රත්තරන්  උගස්කර ඇති ස්ථානය පිළිබද හෝඩුවාවක් සොයාගත් අතර එදිනම මෙම මංකොල්ලයට  සම්බන්ධ පුද්ගලයාද පොලීසියට බාරවී ඇති බවත් වාර්තාවේ.මෙලෙස රත්තරන් සොරකම්කර ඇති පුද්ගලයා  මීගමුවේම තවත් රත්තරන් බඩු සාප්පුවක සේවය කළ පුද්ගලයෙකු යැයිද වාර්තා වේ. මේ අතර  මංකොල්ලකරුවා අතින් ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ  සේවකයා   තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුව රෝහලේ  ප්‍රතිකාර ලබයි. 7553


ඡායා – එම්.ඉෂෙඩ්. සාජහාන්