රනිල්ට එරෙහිව අදත් මිගමුවේ විරෝධතා

0
110

මහින්ද රාජපක්ෂලාගේ අපේක්ෂකයා ලෙස හදුන්වනු ලැබු  ඩලස් අලහප්පෙරුම පරදවා පොහොට්ටුව  පක්ෂයේ මන්ත්‍රින් ඇතුළු තවත් දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ලංකාවේ 8 වෙනි ජනාධිපතිවරයා ලෙස අද තේරි පත්විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ ඡන්ද 134 ලබා ගනිමිනි.

ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක්ද අනුර කුමාර දිසානායක ඡන්ද 3 ක්ද ලබාගෙන තිබුණි.

මේ අතර මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියේ විරෝධතාකරුවන් විසින් අද සවස් වරුවේද රනිල්ට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.