රනිල් ඉදිරියෙන් – Reuters

0
234

Ranil 10ලබන 17 වනදා පැවැත්වෙන මහ මැතිවරණය හා සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඉරණම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙබ් අඩවි රැසක් අද සිය අවධානය යොමුකර තිබෙනවා.
විශේෂ ලිපියක් පල කරමින් රොයිටර් පුවත්සේවය පවසන්නේ ඝාතන හා වංචා දූෂන චෝදනා රැුසක් මැද හිටපු ජනපතිවරයා යළිත් මැතිවරණ සටනට පිවිස සිටින බවයි.මෙම චෝදනා හිටපු ජනපතිවරයාට බරපතල අර්බුධයක් බවත් ඔහුද තාජුඩීන් ඝාතනය පිළිබදව අදහස් දැක්වීමෙන්ම එය හෙලිවන බවත් අදාළ වාර්තාවේ සදහන්. පවත්නා තත්ත්වය තුල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට රාජපක්ෂ මහතාට වඩා සියයට 10ක ඉදිරියක් පවතිනු ඇති බවටද එමගින් අනාවැකි පල කර තිබෙනවා.
මේ අතර ඉන්දියා ටුඩේ වෙබ් අඩවියද පවසන්නේ හිටපු ජනපතිවරයා සියයට 27 ක පමණ ජනප‍්‍රියත්වයක් පමණක් හිමිකරගෙන සිටින බවට නවතම වාර්තා හෙලිකර ඇති බවයි.අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සියයට 40ක පමණ ජනප‍්‍රසාදයක් සහිතව ඉදිරියෙන් සිටින බවයි එහි දැක්වෙන්නේ.
ඩී එන් ඒ ඉන්දියා වෙබ් අඩවියද අවධාරණය කර තිබුණේ පවත්නා චෝදනා මැද හිටපු ජනපතිට අගමැති ධූරයට පත්වීමට දැඩි බාධා පවතින බවයි.
මේ අතර ද ඔස්ටේ‍්‍රලියන් වෙබ් අඩවියද මෙරට මැතිවරණය පිළිබද ලිපියක් පල කර තිබෙනවා.එහි දැක්වෙන්නේ රාජපක්ෂ මහතාගේ දරුවන්ගේ ක‍්‍රියාකාරකම් ඔහුව ජනතා අප‍්‍රසාදයට ලක්කරන්නක් බවට පත්ව ඇති බවයි. තාජුඩීන් ඝාතන සිද්ධිය මෙහි උපරිමය බවද එමගින් අවධාරණය කර තිබෙනවා.
දෙනුවන් බණ්ඩාර