රසවත් වටලප්පන් සාදා නැඟීසිටිමට උත්සාහා කරන දිරිය කතුන්

0
597

ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් ව්‍යාපාරයක් ආරම්භ කරමින් තමන්ගේ ජීවනබරට යම් පිළිතුරක් සෙවීමට උත්සාහා දරන ධෛර්‍යවන්ත කාන්තාවන් පිරිසක් පසුගියදා දොන් බොස්කෝපුරයේදී හමුවිය. 05 දෙනෙකුගෙන් යුත් මෙම කාන්තාවන් ජීවත් වෙන්නේ දොන් බොස්කෝ නිවාස සංකීර්ණයේයි. සැල්වටෝරියන්  කන්‍යා සොහොයුරියන්ගේ මඟපෙන්විම හා සහයෝගය මත මොවුන් මෙම වටලප්පන් ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
මේ වනවිට මෙම කාන්තාවන් හට මෙම ව්‍යාපාරය කරගෙන යාමට ස්ථානයක් මෙම නිවාස සංකීර්ණයේ තිබෙන අතර එම ස්ථාන⁣යේදී ⁣ වටලප්පන් සැදීම කරගෙන යනු ලබයි. වටලප්පන් ව්‍යාපාරය සඳහා මූලික පුහුණුව හා උපකරණ කන්‍යා සොහොයුරියන්ගේ උපකාර මඟින් ලැබී ඇති අතර පසුව එක් කාන්තාවක් රු 500බැගින් අයෝජනය කරමින් වටලප්පන් නිෂ්පාදනය ආරම්භ කර ඇත. මේ වනවිට මොවුන් සතියකට වරක් වටලප්පන් 100ක් නිෂ්පාදනය කරන අතර අවට ඇති වෙළඳසැල් කීපයකට මේවා අළෙවි කරනු ලබයි. මූලික වියදම් පියවාගත් පසු ඉතිරිවන ලාභය මෙම කාන්තාවන් 05 දෙනා බෙදාගන්නා අතර විදුලි බිල හා අනෙක් අවශ්‍ය දේ වෙනුවෙන් වැය කිරමට තරම් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසයි. සිය නිෂ්පාදනය වර්ධනය කර ගැනමට බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් වටලප්පන් සඳහා ඇනවුම් මෙන්ම සහයෝගය ඔබෙන් බලාපොරොත්තු වේ.
මීගමුව හා අවට ජීවත්වන පාරිභෝගික ඔබට මෙම “බෙතනි” වටලප්පන් මිළදීගෙන ස්වඋත්සාහයෙන් ජීවිතය නඟාසිටුවීමට උත්සාහා දරන මෙම දිරිය කතුන්ට සහයෝගයක් දිමට හැකි නම් එය මහත් අගනා කටයුත්තකි.

අමතන්න –  077 309 1439
IMG_4477
IMG_4458IMG_4467IMG_4469