රස්තියාදුකාරයන් යැයි මංගල කිව්වේ බෞද්ධ භික්ෂූන්ට ද? (Vedio)

0
59
‘‘හතර කේන්දරය පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට ආපස්සට ඇද්දා‘‘ යනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසූ බව

දක්වමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පුවතක් පළකර තිබිණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පසුගිය ජූලි මාසයේ දී ‘මව්බිම‘ පුවත් පතත් සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද කොටස් විකෘති කරමින් මෙම පුවත නිර්මාණය කර ඇති බවත්, එය සහමුලින්ම සත්‍ය විකෘති කරන ලද්දක් බවත්, එසේම මේ රටේ ජාතිවාදය, ආගම්වාදය නැවත වටයකින් ඇවිස්සීමේ සාහසික වුවමනාවකින් සිදුකරන ලද ලජ්ජා සහගත උත්සාහයක් බවයි.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මන්ත්‍රීවරයා පවසා සිටියේ, ජාතිවාදයට උඩගෙඩි දෙන වෙබ් අඩවියක පළවූ එම අසත්‍ය පුවතට රැවටුණු ඕනෑම අයකුට මව්බිම සමඟ සිදුකළ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව බැලීමෙන් නිවැරදිව මේ පිළිබඳ සත්‍ය වටහා ගතහැකිවනු ඇති බවයි.
theleader.lk