රස කර කර ඔබ කන්නේ කුණු කරවලද ?

0
150

IMG-20191015-WA0080

මාළු සහ කරවල ගැන කතා කිරීමේදී මීගමුව ඒ සඳහා වන ප්‍රධාන නගරයකි .
නමුත් මාළු සහ කරවල ගැන කෙරෙන කතාබහ තුළ මේ වනවිට මීගමුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට හේතු වන කරුණු ගනනාවක් නිර්මාණය කර ඇත .
එනම් කරවල නිෂ්පානය සදහා ගැනෙන මාළුවල ප්‍රමිතිය පිලිබදවය.
පිටිපන ලෙල්ලමේදි මෙන්ම කොටුව පිට්ටනිය අසල ලෙල්ලමේද කරවල සදහා යොදා ගැනෙනුයේ බොහෝ දුරට මිනිස් පාරිභෝජනයට සුදුසු තරමේ මසුන්ද යන්න දැන් නම් විශාල ප්‍රශ්ණයකි.
මේ වායේ ප්‍රමිතිය ගැන සොයා බලා අනුමත කරන්නට කිසිවෙකුත් නැත,
එය මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ගේ විෂය පතයට අයත් නැතිදැයි විටෙක සිතේ.
කෙස් වෙතත් පිටිපන ලෙල්ලමේ මාලු අලෙවි කරනු ලබන අයෙකු වරක් කියා සිටියේ එහිදි කරවල සදහා රැගෙන යන මසුන්ගේ තත්වය දුටුවිට පිළිකා වැනි රෝගි තත්වයක් වේගයෙන් පැතිර යාමද අරුමයක් නොමැති බවය.
කරවල සදහා යොදාගැනිමට විදෙස් රටවලින් පවා මසුන් ගෙන එනු ලබන අතර ඒවා මාස අවුරුදු ගණන් පරණ දැයි දන්නේ කව්දැයි යන්නද තවත් බරපතල ගැටලුවකි.
කරවල නිෂ්පාදනය සදහා ගන්නා මසුන්ගේ ප්‍රමිතිය සොයා බැලිම සදහා අදාල බලධාරින් වහා පියවර ගත යුතුව තිබේ.