රස රඹුටන් මල්වානේ මීගමුවෙත් කනවානේ

0
319

IMG-20190628-WA0023මේ  දිනවල   තැනින් තැන  රතුපැහැයෙන්  ගිනිබෝල  මෙන්  පෙනුමෙන්  යුතු  රඹුටන්   පාර  අයිනේ  තබා  විකුණන  වෙළෙන්ඳන්   නිතර  දැකිය  හැක.  වෙනත්  තැන්වලට  වඩා  වැඩි  ප්‍රසිද්දියක්  ලබා  ඇත්තේ  මල්වානේ  රඹුටන්ය. තමන්  සතු  ත්‍රීවිල්  රථයෙන්  මල්වානේ    වතුවලින්  කඩාගත්  අළුත්   රඹුටන්  මීගමුවට  ගෙනැවිත්  විකුණන  අසංක  හමුවූයේ  මහවීදිය  කට්ටු දැල්  රැස්වීම්  ශාලාව  ඉදිරිපිටදීය.  ඔහුගෙන්  මෙම  පලතුර  ගැන  කෙටි   අදහසක්  බෙදාගැනීමට  හැකිවූයේ  ඔහු  රඹුටන්  තෝරමින්  සහ  අසුරමින්  සිටි  අවස්ථාවේදීය.

කොහොමද  මේ  දවස්වල  රඹුටන්  වල  තත්වය.

මේ  වාරෙ  රඹුටන්  අඩුයි.  අපිට  ගෙඩියක්  රු.  7ක්  විතර  වෙනව.  ගෙඩි  10ක්,  12,  15  දක්වා  රු.  100/ කට  විකුණනවා.  අපි  මල්වානෙන්  තමයි  රඹුටන්  ගන්නෙ.  පරණ  රඹුටන්  මම  විකුණන්නෙ නෑ.  ටිකක්  මහන්සිවෙන්න  ඕන  තමයි.   ඒවුනත්   ජීවත්  වෙන්න  මොනවහරි  කරන්න  එපායැ.

 මේ  රස්සාවයි,  ඔබේ  ජීවිතයයි  රඹුටන්  වගේ  රසවත්  එකක්ද?

මම  විවාහකයි.  දැනට  දරුවො  දෙන්නෙක්  ඉන්නව. මගෙ  බිරිඳට  එක්කෙනෙක්  ලැබෙන්නත්  ඉන්නව. මම  ත්‍රිවීල්  රස්සාව  කරන්නෙ.  පවුල  නඩත්තු  කරන්න  එක  රස්සාවක්  කරල  මදි.     ඒක නිසා  රඹුටන්,  සහ  දූරියන්  හැදෙන  කාලෙට   මීගමුවට  ඒව   ගෙනැල්ල  විකුණන  එකත්  කරනව.  ගොඩක්  ප්‍රශ්ණ  තියෙනවනෙ. දරුවො  ස්කෝලෙට  යවන එකේ  ඉඳල  සියළු  දේ  විසඳගන්න  ඉතින්  අතට  ගන්න  සල්ලි  මදිනෙ  අදකාලෙ. නමුත්  ජීවිතේ  අවුලක්  නැතිව  ගෙවිල  යනව.   මේ  රස්සාව  කරන්න  අරන්  දැන්  අවුරුදු  10ක්  12ක්  විතර  ඇති.

IMG-20190628-WA0008
IMG-20190628-WA0009

සැම්සන් ඤානසිරි