කොහොමද මේ දවස්වල රඹුටන් වල තත්වය.
මේ වාරෙ රඹුටන් අඩුයි. අපිට ගෙඩියක් රු. 7ක් විතර වෙනව. ගෙඩි 10ක්, 12, 15 දක්වා රු. 100/ කට විකුණනවා. අපි මල්වානෙන් තමයි රඹුටන් ගන්නෙ. පරණ රඹුටන් මම විකුණන්නෙ නෑ. ටිකක් මහන්සිවෙන්න ඕන තමයි. ඒවුනත් ජීවත් වෙන්න මොනවහරි කරන්න එපායැ.
මේ රස්සාවයි, ඔබේ ජීවිතයයි රඹුටන් වගේ රසවත් එකක්ද?
මම විවාහකයි. දැනට දරුවො දෙන්නෙක් ඉන්නව. මගෙ බිරිඳට එක්කෙනෙක් ලැබෙන්නත් ඉන්නව. මම ත්රිවීල් රස්සාව කරන්නෙ. පවුල නඩත්තු කරන්න එක රස්සාවක් කරල මදි. ඒක නිසා රඹුටන්, සහ දූරියන් හැදෙන කාලෙට මීගමුවට ඒව ගෙනැල්ල විකුණන එකත් කරනව. ගොඩක් ප්රශ්ණ තියෙනවනෙ. දරුවො ස්කෝලෙට යවන එකේ ඉඳල සියළු දේ විසඳගන්න ඉතින් අතට ගන්න සල්ලි මදිනෙ අදකාලෙ. නමුත් ජීවිතේ අවුලක් නැතිව ගෙවිල යනව. මේ රස්සාව කරන්න අරන් දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති.
සැම්සන් ඤානසිරි