රහසිගත කැමරා මගින් රථවාහන නීති කඩන්නන් හසුකර ගැනීමට පොලීසියෙන් ව්‍යාපෘතියක්..

0
90

පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා සදහන් කරන ආකාරයට මාර්ග නීති කඩකරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා මහාමාර්ග ආශ්‍රිතව  සීසීටීවී කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය මූලික කරගනිමින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

රථවාහන මෙන්ම ජනතාවද බහුල නගරයක් වන කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝනය කිරීම් බහුලව සිදුවන බවත්,වේගසීමාවන් උල්ලංඝණය කිරීම් සම්බන්දයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, පසුගිය කාලය තුල වේග සීමා නීතිය ක්‍රියාත්මක කිරීමේදී තිබු ගැටළුකාරී තත්ත්වයන් හා වේග මාපකවල දෝෂයන් ද නිවැරදි කිරීමට මේ වන විට කටයුතු කර අවසන් බවත් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා සඳහන් වැඩිදුරටත් සදහන් කර ඇත.
cctv-camera-on-road