රාක්ෂයන්ට ද මධුවිත අහිතකරය

0
323

http://www.dreamstime.com/stock-photos-devil-drinking-tea-image1225593මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන මායාවරුන්ගේ ලෝකය නමැති ටෙලි වෘත්තාන්තයේ  දුෂටකම නියෝජනය කරන්නන්ගේ නායකයා  මායා රජුයි. එම දර්ශන වල මායා රජු පෙනී සිටින අවස්ථාවක මායා රජු මධුවිත පානය කරන දර්ශනයක් ද වෙයි.  එම   රෑපරාමු වලදී  රූපවාහිනී තිරයේ යටින්  ‘රාක්ෂයින්ටද මධූවිත අහිතකරය” යන වදනක් දිස්වේ.
පසුගිය කාලයේ මහින්ද චින්තනය යටතේ  මත්ද්‍රව්‍ය සදහා පනවා ඇති තහංචි  යටතේ දේවල් සිදුවූයේ ඉතාමත් හාස්‍ය ජනක ලෙසය.
චිත්‍රපට නරඹන විට ඒවායේ මත්පැන් පානය  කරන දර්ශන වලදී ද කොටු දැමුවේය. දැන් ඒ අවස්ථාවලදී කිසියම පාඨයක් දර්ශනය කරයි. මේ මායාවරුන්ගේ ලෝකයේ මායාරජු මධුවිත පානය කරන විටද ද ප්‍රදර්ශනය කරන්නේ මහින්ද චින්තනයේ ඇති මත්පැන් විරෝධයි. රාක්ෂයින්ට ද මධූවිත හොද නැති වුවත්, අද රටේ කසිප්පු පොළවල් එන්ඩ එන්ඩම වැඩිවී ඇති අතර ඒවායින් මේ රටේ පොලීසිය යැපෙන මට්ටමට කටයුතු සිදුවේ.
ඒ වාගේම මත්කුඩු , මත්ද්‍රව්‍ය, වර්ග පාවිච්චිය වැඩිවෙමින් තිබේ.
ලංකාවට මත්කුඩු ගෙන්වන මහා පරිමානයේ ව්‍යාපාරිකයන්ට නීතියෙන් දඩුවම්   නැත. සමහරු පාර්ලිමේන්තුවේද සිටිති.
මංකොල්ල, අපරාධ,ස්ත්‍රී දූෂණ අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක් ගනී. මෙවැනි තත්ත්වයකදී හුදු ආදර්ශ පාඨ ප්‍රදර්ශනයකින් පමණක්  මතට තිත තැබීම හාස්‍යජනක මෙන්ම ශෝකජනකය. පසුගිය කාලයේ තරුණයින් හට මත්වෙනබෙහෙත් පෙති විකුණු පුද්ගලයෙකු බන්ධනාගාරයෙන්  පැමිණ නැවතත් එම ජාවාරමේම නියැලෙන බවට වාර්තා වෙයි. මෙවැනි පුද්ගලයන් මෙසේ බියසැක නැතිව නීති විරෝධීව හැසිරෙන්නේ නීතියේ ඇති ලිහිල් බව නිසාය. ඔවුන්ට දැඩි දඩුවම්  පැමිණවීමට පොලීසියට ස්වාධින හැකියාවක්ද නැත.
‘ මොනවා පෙන්නුවත්  මත්පැන් ඔබේ දරුවාට අහතකරය’ මේ රූපවාහිනී තිරයේ දිස්වන තවත් පාඨයකි. නමුත් මත්පැන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිවිරෝධී ක්‍රියාවන් වලට මූලිකත්වය ගන්නේ වැඩිහිටියන්ය. එබැවින් පාලනය කළ යුත්තේ නිර්මාණ වල තිබෙන මත්පැන් පානය කරන දර්ශනය නොවේ  එලියේ සිදුවන අවක්‍රියාවන්ය.
නමුත් පාලකයින්ගේ පැත්තෙන්  මේ ආදර්ශ වලින් එහාට  මෙවැනි සමාජ විරෝධී ක්‍රියා නැවැත්වීමට කිසිවෙකු කටයුතු සිදුනොකරයි.  මේ මත්පැන් ගෙන්වන, මත්ද්‍රව්‍ය ගෙන්වන පුද්ගලයන් හැකි තරම්  නිදහසේ ජීවත්වෙයි. සමාජයට වින කරයි. නමත් එවැනි යක්ෂයින් මැඩීමට මහින්ද රාජපක්ෂගේ පාලනය අසමත්වී තිබේ. බොහෝ ස්ථාන වල අරක්කු අදින්නේ මහින්ද රාජපක්ෂගේ ඡායාරෑපයද වාහනයේ ගසාගෙනය.  හිස් වදන් වලන් එහාට ගොස් නීතියේ ආධිපත්‍ය පිහිටුවීම රජයක  මූලික වගකීමය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here