රාජකීයන් හෝ වෙනත් මිනිසුන් වේවා මේ ඔබේ මනුෂ්‍යත්වය අවැසි මොහොතයි(වීඩියෝ)

0
167

සසංක ජගත් අල්විස් දරුවා 2013 වසරේ මාර්තු 02 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිණුම් තටාකයට ඇදවැටීමෙන් කෝමා තත්ත්වයට පත්වන්නේ අදින් වසර තුනකට පමණ පෙරය.

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයට වැටීමෙන් කෝමා තත්ත්වයට පත්වු ‘සසංක තවමත් නිසොල්මනේ උඩුකුරුව වැතිර සිටින්නේය.

තාමත් ඔහු කිසිවකුත් නාඳුනයි. දෑස් හැර අවට බැලූව ද තම මව හෝ හඳුනා ගැනීමට තාමත් ඔහුට නොහැකිය. ඔහුට අාහාර ලබා දෙන්නේ කුස තුළට යවන ලද බටයක ආධාරයෙනි.

ලංකාවේ කීර්තිමත් විද්‍යාලයක් හා කීර්තිධර ආදිශිෂ්‍යයන් වෙසෙන රාජකීය විද්‍යාලයෙන්ද කිසිදු අන්දමක උපකාරයක් සසංක ෙවත නොලැබියාම කණගාටුවට කරුණකි.

එසේ තිබියදි මෙහි සෝචනීය තත්වය වි අැත්තේ අද වන විට සසංක නිසලව වැතිර සිටින නිවසද ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩා දැමීමට නියමිත විමය.

රාජකීයන් හෝ වෙනත් මිනිසුන් වේවා මේ ඔබේ මනුෂ්‍යත්වයේ දැත් දිගු කිරීමට අවැසි මොහොතකි .

ඇගේ ලිපිනය 240/21, නූර්දායි ලේන්, ගාලූපාර, කොල්ලූපිටිය.

කතා කරන්න – 071 – 3811172

Home

(වීඩියෝ)