රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය පරාජය කළ එජාපෙ නායකයන් රැසක් හෙට(දෙසැ 22) මිගමුවට !

0
43

harinලංකා ඉතිහාසයේ කෙටි කලක් තුල දේශපාලන බලවේගයක් අන්තයටම පරාජය කරමින් සටනක් දින්නේ නම් එය පසුගියදා නිමාවට පත්වු රාජපක්ෂ සහ ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව වු අරගලයයි.FB_IMG_1545408903689FB_IMG_1545408892067
මේ අරගලයට දේශපාලන නායකත්වය දුන් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන සජිත් ප්‍රේමදාස , රාජිත් සේනාරත්න ,හරින් ප්‍රනාන්දු ,මනෝගනේෂන් ,ඇතුළු ප්‍රධානින් රැසක් හෙට ( දෙසැ 22 ) මිගමුවේ පැවැත්වෙන එජාප බලමණ්ඩල රැස්විම සහභාගි විමට නියමිතය.
මේ සියළු නායකයන් එක්ව රාජපක්ෂලාගේ දේශපාලනය පොලවේ ගසා නන්නත්තාර කොට තිබේ. එහෙත් ලැජ්ජාවට කරුණ නම් මීගමුවේ ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලා පිරිසක් මිගමුවේ දි රාජපක්ෂලාගේ  ඒජන්තයන් පුම්බන්ට හුලං ගසමින් සිටිමය.අදට රටම සටන්කාමි ලෙසින් රාජපක්ෂලාගේ එජන්තයන් පරාජය කිරිම සදහා ජවසම්පන්න ලෙසින් පෙළගැසෙමින් සිටියදි මිගමුවේ සිටින ජනතාවට පස්ස පැත්ත හැරවු එජාප නාගරික මන්ත්‍රිලා අතලොස්ස ගැන අප ඇත්තටම ලැජ්ජාවට පත්ව සිටිමු.
එවැනි අවස්ථාවාදින්ගෙන් එජාප බේරාගැනිම අද මිගමුවේ ප්‍රගතිශිලි සැමගේ වගකිම බවට පත්ව තිබේ.
මෙම රැස්විම මුන්නකරය අලියපොල උත්සව ශාලාවේදි සවස 3.00 ට පැවැත්වේ.