රාජපක්ෂලාගේ මැරයෝ තවමත් මාධ්‍යවේදින්ට පහර දෙති ?

0
82

රන්ජිත් ෂග්‍යෘමැරයාමහියංගණය  ප්‍රාදේශීය මාධ්‍යවේදි රංජි්ත් කරුණවීර මහතාට පසුගිය 27 වනදා දහවල් මැර ප්‍රහාරයක් එල්ලවි තිබේ.
ඒ ඔහු හසලක ප්‍රදේශයේ හෝටලයකට කෑම පාර්සලයක් ගැනිමට ගොස් සිටි අවස්ථාවේදිය.
මේ අවස්ථාවේ එහි පැමිණ ඇති එම ප්‍රදේශයේ ප්‍රකට වැලිජාවාරම්කරුවෙක් වු ඉන්දික නැමැත්තා රංජිත් මහතාට තර්ජනය කරමින් බැන වැදි පසුව ඉතාමත් නින්දිත පහර දි ඇත.
මේ අවස්ථාවේදි මාධ්‍යවේදියෙකුගේ වෘත්තිය භාවය නිසි ලෙස ප්‍රදර්ශනය කරමින් රංජිත් විසින් මේ ප්‍රහාරය ඔහු අත තිබු ජංගම දුරකථනයේ කැමරාව තුලින්සටහන් තබා මුලු ලෝකයටම කියන්නට සමත්ව ඇත.
මේ පහරදිම සිදුකළ මැරයා ඌව පලාතේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන අතර ඔහුගේ සහෝරදයන් දෙදෙනෙකුම මහින්ද පිළේ පළාත් සභා මන්ත්‍රිවරයෙකු හා පාර්ලමේන්තු මන්ත්‍රිවරයෙකුද වන බව වාර්ථාවේ.
මෙම ප්‍රහාරයෙන් ඇසට සහ මුහුණට සිදුව තිබුන පහරදිම් හේතුවෙන් ඔහු රෝහලගත කෙරුණි.
පසුගිය කාලය තුල මේ  ප්‍රදේශයේ සිදු වන මහා පරිමාණයේ වැලි ජාවාරම් පිලිබඳව අනාවරණය කීරීම හේතුකොට ගෙන අවස්ථා කිපයදිම වැලි ජාවාරම්කරුවන්ගේ තර්ජනයට රංජිත් මහතා ලක්ව තිබුණි.
මේ එක් අවස්ථාවකදි ඔහු තර්ජනයට ලක්ව තිබුනේ  හසලක පොලිසිය තුලදීමය. මේ  පිලිබඳවද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කීරීමට පොලිස්පතිවරයාද නියෝග කර තිබුණි.
ප්‍රහාරයෙන් පසු ඔහු මහියංගණය මූලික රෝහලට ඇතුලත් කර ඇත.මාධ්‍යවේදි රංජන් මහතාට පහර දුන් මැරයාව (පෙබ 28 ) ඊයේ හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.