රාජපක්ෂලාට රට පනින්න බැරිවෙයි.

0
149

බැසිල් රාජපක්ෂගේ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුනි.

ඒ ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා වොෂින්ටන් බලා පිටත්ව යාමටය..

ඔහු සමඟ රජයේ ආයතන වල සභාපති ලෙස ධූර දැරූ කිහිපදෙනෙක් සිටි බවට සමාජ මාධ්‍ය විසින් විඩියෝ ,ඡායාරූප සාක්ෂි සහිතවම හෙළි දරව් කර තිබුණි.

බැසිල් මහතා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වු පර්යන්තයෙන් ඇතුළු වී සිට ඇති අතර ඔහුගේ සහායකයන් විසින් ගුවන් යානයට ඇතුළු වීමට ලිපි භාර දෙන අවස්ථාවේ දී එහි සිටි ගුවන් මගියෙකු දැඩි විරෝධය පලකරමින් කියා සිටියේ බැසිල් ඇතුළු පිරිස ගුවන් යානයට ඇතුලත් නොකරන ලෙසයි.

පසුව ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් මොවුන් ආරක්ෂිත ස්ථානයක රඳවා තබා පසුව උදෑසන 2.15 පමණ මොවුන් ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇත.