රාජපක්ෂ උද්‍යානයේ රු.ලක්ෂ 30 ක හොරකමක් ! කොමසාරිස් නිහඬ වුනේ ඇයිදැයි හෙළිවේ !

0
170

Rajapaksha-park-1(9.00am)මීගමුව රාජපක්ෂ උද්‍යානයේ සේවය කළ සේවකයන් දෙදෙනෙකු විසින් පසුගිය වසර 2කට අධික කාලයක් තුලදි උද්‍යානයේ ප්‍රවේශපත් අලෙවියෙන් රු ලක්ෂ 30 කටත් වඩා වැඩි මුදලක් හොරකම් කර තිබුණි.
මෙය බරපතල තත්වයකි.
මේ සා බරපතල හොරකමක් සිදුකරන ලද  මේ කම්කරුවන් දෙදෙනාට එරෙහිව  නාගරික කොමසාරිස්වරයා කළයුතුව තිබුනේ පොලිසියේ පැමිණිල්ලක් දැමීමය.
එහෙත් ඔහු විසින් හිතාමතාම එය මඟහැරියේය.
එයට බලපෑ හේතු 2 කකි.
පළමුවැන්න වන්නේ වසර 2 කක් තිස්සේ ලක්ෂ 30 ක මුදලක් නගර සභා කම්කරුවන් දෙදෙනෙකු විසින් මෙසේ හොරකම් කරද්දි ඒ ගැන විමසා බලා එය වලකාලන්නට නාගරික කොමසාරිස්, ගණකාධිකාරි සහ ලේකම්වරියද ඇතුළු සැම අපොෙහාසත්විම නිසා ඒ අයටද වැරැද්දක් වැටෙන නිසා හොරකම ගොඩින් බේරා වැඩ නවත්වා හොරකම් කරන ලද මුදල් යළි ගෙවන්නට යැයි කියා ප්‍රශ්ණය සෑබෑ නීතියෙන් වසන් කර තැබිමටය.
අනික් කරුණ වන්නේ මේ කම්කරුවන් දෙදෙනා පළාත් පාලන නිති රෙගුලාසි ප්‍රකාරව මුදල් පිළිබඳව කටයුතු කිරිම සඳහා කිසිදු සුදුසුකම් නැති අය වුවද මේ දෙදෙනා දයාන් ලංසාගෛ් ගෝලයන් විම නිසා ඔහු කියා ඇත්තේ පාරේ තාර වැඩට මේ අයව නොයොදා උද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවට යොදන ලෙසය.
ඉතින් දායන් ලංසාගේ ගෝලයන් විම නිසා නාගරික කොමසාරිස්වරයාට මේ සොරුන් දෙදෙනාව අහක දැමිය නොහැක.
මේ කරුණු 2 ක නිසා මීගමුව නාගරික කොමසාරිස්වරයා මේ සොරුන් දෙදෙනාව ආරක්ෂා කර තිබුණි.
මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් දායන් ලංසා නගරාධිපතිධුරයට තරග කරන බවද වාර්ථා වේ.