රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක අංශ ටෙන්ඩර් මගඩියට නාගරික ලේකම්ගේ සහය ? ?

0
85

MC sec and dayanරාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක අංශ ටෙන්ඩරය මෙවර එහෙම පිටින්ම මගඩියක් බවට පත්ව ඇත. එයට හේතුව වන්නේ පරිපාලන අධිකාරියේ ප්‍රධාන නිලධාරින් පවා සුදුසුකම් සහිත ඇතැයි අනුමත කොට ඇති විජය ආරක්ෂක විමර්ශන සමාගම වෙනුවට කිසිදු සුදුසුකමක් නැති සීදුවේ පිහිටි එවර් පොක්ස් නම් වු ආයතනයට මෙවර උද්‍යානයේ ආරක්ෂක අංශ ටෙන්ඩරය දිමට නගරාධිපති විසින් හිතුවක්කාර ලෙසින් තින්දු කොට තිබිමය.
පොහොට්ටුවට සම්බන්ධ මුදල් කමිටු සාමාජිකයන් පවා කියා සිටින්නේ මෙම ආයතනයට දිමට යැයි කියා මුදල් කමිටුවේ කිසිදු තින්දුවක් පවා ගෙන නොතිබුන බවය.
තතු එසේව තිබියදි නාගරික ලේකම්වරිය විසින් නගරාධිපතිගේ හිතුවක්කාර තින්දුවට සහය දෙමින් ඇය විසින් සකස් කරන ලද වාර්ථාවේදි මුදල් කමිටුවේ පවා අනුමැතිය නොලද ආයතනයට මෙම ටෙන්ඩරය දිම ගැන සදහන් කොට තිබේ.
පසුගිය කාලය තුල නගරාධිපතිවරයා සමගින් වැඩකටයුතු  කිරිමට නොහැකි යැයිද ඇය ඒ කාලයේ ආතතියෙන් පෙළුනේ යැයිද තම සහෝදර  නිළධාරින් හට පවා කියා තිබුණි.
කෙසේ වෙතත් දැන් ඇගේ ආතති තත්වය හොද අතට හැරි ඇති බව පෙනේ.