රාජපක්ෂ උද්‍යානයේ කෝටි ගණනක පාඩුව ගෙවන්නේ හිටපු නගරාධිපති නිමල් ලංසාද,,,,?????

0
150

මීගමු නගර සභාවේ ආණ්ඩු පක්ෂ පාලනය විසින් සිදුකරන්නට යෙදුන අසාර්ථකම ව්‍යාපෘතිය බවට පත්ව ඇත්තේ  හිටපු නගරාධිපති නිමල් ලංසාගේ මෙහෙයවිම යටතේ රාජපක්ෂ උද්‍යානය  බදු දිමයි.

අදුරදර්ශි සැලසුම් හා සටකපට කම් වලින් අඩුවක් නැති මේ ව්‍යාපෘතිය අද මීගමුව මහනගර සභාවට දරන්නට බැරි පාඩුවක් ඉතිරිකර තිබේ.

තින් පාක් එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය විසින් වසරකට රු ලක්ෂ 5 බැගින් මාසිකව ගෙවන්නට පොරෝන්දු වි සිටියද එය සිදු කලේ නැත. මේ හේතුවෙන් ලක්ෂ 50 කට වඩා මුදලක් මහනගර සභාවට අය විය යුතුව තිබේ.

එමෙන්ම දැනට උද්‍යානයේ තබා ඇති දෙවන බදු ගැනුම්කරුගේ භාණ්ඩ ආරක්ෂා කිරිම සදහා මසකට ආරක්ෂක නිලධාරින් 8 දෙනෙකු නඩත්තු කිරිම වෙනුවෙන් දැනටමත් දරා ඇති වියදම ලක්ෂ 60 ක් ඉක්මවා ඇත. මෙවන් අපිළිවෙල බදු ගිවිසුමක උද්‍යානය සිරකිරිමට පෙර ඉන් ලද මාසික අදායම රු 75,000 ක් පමණ විය. වසර 5 ක් පමන තිස්සේ එය නගර සභාවට අහිමිය.

එමෙන්ම උද්‍යානයේ පළමු බදු කරු විසින් මෙය පි.ජි මාටින් නම් ආයතනයක් වෙත ප්‍රති බදු දි තිබෙන අතර ඒ අයට තමන්ගේ කටයුතු නිසි ලෙසින් කර ගෙන යැමට නගර සභාවෙන් ඉඩනොලැබිම සම්බන්ධයෙන් දැන් රුපියල් මිලියන 210 ක් ඉල්ලා නඩු පවරා ඇත.

මුදල් වලින් ගිණිය  නොහැකි පාඩුව වන්නේ රාජපක්ෂ මැතිදුන් මෙම උද්‍යානය මීගමුවේ ජනතාවගේ විවේකය ගතකිරිමට ලබාදි තිබුන ඉඩ මේ අපරිණත පාලකයින් නිසා අහිමිව තිබිමයි.

මේ පසුබිම යටතේ කෝටි ගණනක පාඩුවක් දැනටමත් සිදුවි හමාරය. අපට අසන්නට ඇත්තේ මේ පාඩුව ගෙවන්නේ වැරදි තිරණ ගත් හිටපු නගරාධිපති නිමල් ලංසාද නැතිනම් මීගමුවේ බදු ගෙවන ජනතාවද?????