රාජපක්ෂ උද්‍යානය අසල කාමර කුලියට දෙන්න හදන හෝටලය නීතිවිරෝධියි

0
105

Rajapaksha park 1මීගමුවේ රාජපක්ෂ උද්‍යානය අසල දැනට ඉදිවෙමින් ඇති දෙමහල් හෝටලයට  නගර සභාවේ කිසිදු නිතිමය අවසරයක් නැති බව වාර්ථා වේ.
දුප්පත් පුද්ගලයෙකු නිසි ලෙසින් ෆොර්ම පුරවා අවසර නොගෙන කාමර කෑල්ලක හැදුවත් සත්තම දාන නගර සභා නිලධාරින් මේ හෝටලය ගැන නිහඩව සිටින්නේ ඇයි ?
රන්මුතුලා වැනි කාර්මික නිළධාරින්ට හයිබ්‍රිට් කාර් ගැනිමට ඉඩ සැලෙන්නේ මේ කප්පම් වලින් ලැබෙන අදායමෙන් දැයි තතු දන්නෝ ප්‍රශ්ණ කරති.
නගර සභාවට මිටර 300 කට නුදුරින් සිදුවෙන මේ නිතිවිරෝධි ක්‍රියාව ගැන නගාරධිපති දැනුවත්ද ?නැතිනම් දැනගෙන නිහඩව සිටින්නේ ද ?