රාජපක්ෂ උද්‍යානය වසර 5 කට පසු විවෘත කරයි ?

0
81

park 7park 1park 6park 5park 3මුදළිදු රාජපක්ෂ විසින් මීගමුවේ ජනයා හට සිය විවේකය කාලය නිදහසේ කිසිදු මිළක් නොගෙවා ගතකරන්නට කොන්දේසි පවා යොදමින් නගර සභාව වෙත ලබාදුන් රාජපක්ෂ උද්‍යානය ඉතිහාසයේ පළමු වරට  මුදළිදු රාපක්ෂගේ අහිංසක ඉල්ලිමට පවා පයින් ගසමින් පුද්ගලික අංශය වෙත පවරා මීගමුවේ ජනතාවට පාක් එක අහිමිකළ දේශපාලකයා ලෙසින් ඉතිහාස ගතව ඇත්තේ ඇමති නිමල් ලංසාය.
මොහුගේ මේ ක්‍රියාකලාපය නිසා දැනට වසර 5 කටත් අධික කාලයක් රාජපක්ෂ උද්‍යානය වසා දමා තිබේ.
ඒ ශාපයෙන් ගැලිවිමට ඇමති ලංසාට කිසිවිටකත් රාජපක්ෂ මුදිළිදු ඉඩදෙන්නේ නැත.……..

පසුගිය සමය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව රාජපක්ෂ උද්භිත උද්‍යානය අද ජනතා අයිතියට පත් කෙරුනා. මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා අතින් විවෘත වූ මෙම උද්‍යානය අලුත්වැඩියාව සදහා මීගමුව මහ නගර සභාව හා බස්නාහිර පළාත් සභා සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ  රුපියල් කෝටි 12 මුදලක් මේ සදහා වැයකර තිබේ. මීගමුව මහ නගර සභාව විසින් කෝටි 05 මුදලක් මෙයට වැයකල බව මේ අවස්ථාවේදි නගරාධිපතිතුමා ප්‍රකාශ කරන ලදි.

  මේ අවස්ථාව සදහා මීගමුව උප නගරාධිපති තුමා හා  නාගරීක කොමසාරිස්වරයා  හා නගර සභා පක්ශ විපක්ශ  මන්ත්‍රී මණ්ඩලයද නගර සභා කර්ය මණ්ඩලයද සහභාගි වී සිටීය.
        1941 ඔක්තෝම්බර් මස 18 දින  ඒවකට අග්‍ර ආණ්ඩුකාර  තුමා වන සර් ඇන්ඩෲ කොල්ඩිකොට් මහතා විසින් විවෘත කල මෙම භූමිය අයත්ව තිබුනේ මීගමුව හිටපු නගර සභාපති කෙනෙකු වන ඒ.ඊ.  රාජපක්ෂ මහතාටය. 1922 සිට වසර 12 මීගමුව පාලනය කල මෙතුමා   තම  පෞද්ගලික  උද්‍යානය වූ මෙම භූමිය එතුමා විසින් මීගමුව නගර සභාවට ත්‍යාග කරන ලදි.