රාජපක්ෂ පාලනයට ප්‍රසිද්ධියේ අභියෝග කළ මිගමු ධිවරයන්ගේ උද්ඝෝෂණය…

0
738
IMG 20220303 104600 scaledIMG 20220303 104131 scaledIMG 20220303 104354 scaledIMG 20220303 105613 scaled

තෙල් මිළ , ධීවර ආම්පන්න – උපකරණ වල් මිල අසීමාන්තිකව ඉහළ යාම, X-PRESS PEARL නෞකාව හේතුවෙන් මුහුදු පරිසරය විනාශවීම නිසා අසරණ වූ ධීවර ප්රජාවට නිසි වන්දි නොලැබීම, මීගමු කලපු තීරුවේ ග්රාමසේවා වසම් කිහිපයක් නාගරික් සංවර්ධනය අධිකාරියට පැවරීමේ ගැසට්ටුව අවලංගු නොකිරීම , කොළඹ වරායේ බටහිර ජැටියට ධීවර ප්රජාව දැනුවත් නොකර වැලි පොම්ප කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ධිවරයන් විසින් දැවැන්ත විරෝධතාවයක් ඊයේ දිනයේ මිගමුව තෙල්වත්ත හංදියේදි සංවිධානය කර තිබුණි.

මේ හේතුවෙන් කොළඹ හලාවත මාර්ගය‌ේ ගමනා ගමනයද සිමා කරන්නට සිදුව තිබුනේ විරෝධාතාකරුවන් විසින් මාර්ගය වසා දමා සිය විරෝධය දිගටම සිදුකරගෙන යාම නිසාවෙනි .

මෙම විරෝධතාවයට එක්ව සිටි බහුතරයක් දෙනා රාජපක්ෂ පාලනයට සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළකරන්න විම ඉතා විශේෂත්වයකි. ර‌ට පාලනය කරන්නට බැරි නම් ආදිවාසි නායකයාට හෝ රට භාර දි යන ලෙස ධිවරයෝ කියා සිටියහ.

ධිවර කාන්තාවන් ද විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාවයේදි සටන් පාඨ කියමින් සිය විරෝධයන් පළකිරිමට නිර්භිතව පෙරමුණ ගෙන කටයුතු කළ අයුරු සුවිශේෂිය.IMG 20220303 104156 scaled

IMG 20220303 101428 scaledIMG 20220303 102526 scaledIMG 20220303 101330 scaledIMG 20220303 111717 scaled

IMG 20220303 112901 scaledතත්වය පාලනය කිරිම සදහා කැරලි මර්ධන ඒකකයද කැදවා තිබුණි.

මෙම විරෝධතාව සඳහා රදගුරුතුමන්ලාද ඇතුළු කතෝලික පියතුමන්ලාද විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් සටන් පාඨ කියමින් සිය විරෝධය මෙම රජයට එරෙහිව පළකර සිටියහ.

FB IMG 1646354454533FB IMG 1646354463606FB IMG 1646314270731

274754671 460296892546407 4485636322477825376 n 275056111 460296955879734 4501499680585573811 n

 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here