‘රාජ්‍ය ඇමති පට්ටමක් දී මාව මුලා කරලා’ -වාසුදේව කනස්සල්ලෙන්

0
152
emailsharethislinkedinwhatsappwechatpinterest
Vasu Dewa 2019.12.11
තමන් මුළාකර රාජ්‍ය ඇමති කමක් දී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර පවසයි.

කැබිනට් ඇමති ධූරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත් තමන් ආවේ පැමිණි අරමුණ ඉදිරියටද කරගෙන යාමට බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන්ට අදාල ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිඳු  ආයතනයක් හෝ කාර්ය භාරයක් පවරා නොමැත.

(මූලාශ්‍රය –lankacnews.com)
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here