රාජ්‍ය ලාංජනය භාවිතා කරන හොර මානව හිමිකම් සංවිධානයක් වෙන්නප්පුවෙන් වාර්ථා වේ ??

0
478
dav
dav
dav

රාජ්‍ය ලාංඡනය කිසිදු නිතිමය පදනමකින් තොරව භාවිතා කරනු ලබන මානව හිමිකම් සංවිධානයක් ගැන වෙන්නප්පුවෙන් වාර්තා වේ.
මෙසේ රාජ්‍ය ලාංඡනය යොදාගත් සුපිරි මෝටර් රථයක් අද පෙරවරුවේ කුරණ පිහිටි නයෝමි හෝටලය අසල නවතා තිබියදි මිපුර මාධ්‍යවේදියෙකුගේ කැමරා ඇසට අසුවිය.
ඔවුන් විසින් ඒ ගැන වැඩිවිස්තර විමසා සිටින ලද අවස්ථාවේ ඒ මෝටර් රථයේ සිටි අය කියා ඇත්තේ හිටපු ජනාධිපති විජේතුංග මහතා විසින් තම සංවිධානයට රාජ්‍ය ලාංඡනය භාවිතා කිරිම සදහා අවසර ලබාදි ඇති බවය.මෙම මානව හිමිකම් සංවිධානය වෙන්නප්පුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන එකක් බවද ඔවුන් වැඩිදුරටත් කියා ඇත.
අප මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිස්පරිකවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට රාජ්‍ය ලාංඡනයභාවිතා කිරිමට කිසිදු නිතිමය අයිතියක් නැති බවත් ඒ ගැන තමන්ගේ රථවාහන පොලිසියේ නිළධාරින් දැනුවත් කිරිමටද අද සිට පියවර ගන්නා බවත්ය.

sdr