රාජිතගේ මන්ත්‍රී පුතා හරීන්ගේ කාර්යාලයට පැනලා

0
55

චතුර 100

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා, හොර අල්ලන්න යැයි පවසමින් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට කඩා පැන ඇතැයි වාර්තා වේ.

ඇමති පුත්‍රයකු තම අමාත්‍යාංශයට කඩා පැන තමන් ගැන තොරතුරු හාරා අවුස්සා ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

තමා අදාල සිද්ධිය සම්බන්ධයෙන් අද (18) දිනයේදී දැඩි ලෙස කැබිනෙට්ටුව තුළ කතා කරන බවද ඔහු එහිදී කීය.

පවුල්වාදය අවසන් කරගත්තේ ඉතා අපහසුවෙන් බවත්, තමාගේ ඇමතිකම නැතිවුවද පවුල්වාදයට විරුද්ධව කටයුතුකරන බවද ඔහු පැවසීය.

රෙදි නැතුව ඉන්න ඇමති

තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ එක්තරා අමාත්‍යවරයෙකු යහ පාලනයේ කෑලි නැති බව පවසා තිබූ බවයි.

යහ පාලනයේ කෑලි නැත්නම් ඔහු ඇමති ධූරය දරන්නේ රෙද්දක් ඇඳගෙන දැයි මංත්‍රීවරයා ප්‍රශ්නකර සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“ යහ පාලනයට පිංසිද්ධ වෙන්න තමයි ඇමති කෙනෙක් වුණේ. ආසන නමයෙන් නමයම පරාදයි. ඇප නැහැ ලැජ්ජ නැද්ද මන්දා. ඇමතිකමේ ඉඳන් ඉන්නේ….වළලු වෙළෙන්දො හිටියල්‍ර…මොකද ඒ ඇමතිතුමා වළලලු දාන අතවල්වලට හරි ආසයි…එතුමාට පොඩි අඩුපාඩුවකුත් තිබුණා…”

Home