රාමළාන් උදාව

0
486

moon

මුස්ලිම් ජනතාව තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර  කරන්නේ ඉස්ලාමීය දින දර්ශනය අනුවයි.
අරාබි දින දර්ශනයේ නමවෙනි මාසය රාමලාන් මාසයයි. රාමළාන් සඳ උදාවූ දිනයේ සිට ෂව්වාල් මාසයේ සඳ උදාවන තුරු මුස්ලිම් බැතිමතුන්ට උපවාස කාලයයි.
අවුරුදු 7න් පහළ පහළ අය හා තදබල රෝගීන් යාත‍්‍රිකයින් හැරෙන්න අන් සියලූ දෙනාට අත්‍යාවශ්‍ය ඉස්ලාම්හී සිව්වැනි වගකීමකි.
ශ්‍රී ලංකාව පුරාම බැතිමත්හු රාමළාන් සඳ උදාව  ලොකු කුඩා කව්රුත් සතුටින් බලාපොරොත්තුවෙන් පිළිගත්හ. සිංහල සොහොයුරියක් මේ රාමසාන් උපවාසය පටන්ගන්නේ කෙසේ ද?  එහි චාරිත්‍ර වාරිත්‍ර කෙසේ දැයි ඇසූ විට, නොදන්නා තවත් සහෝදර ජනතාවක් දැනගනු පිනිස අදහස බෙදාගන්න හිතුනා.
භූගෝලීය දේශාන්තර කාලගුණික භේද නිසා රටවල් අතර වෙලාවල් වෙනස් වෙනවා වාගේ සඳ දැකීමෙනුත් සුළු වෙනස්වීම් සිදුවීම ස්වභාවිකයි. ඒ නිසාම ලංකාව තුළ ජම්ඉයතුල් උලමා සභාව ඇතුළත් සඳ බැලීමේ කණ්ඩායම මගින් රාමලාන් සඳ දැකපු හැටියේම ඒ පණිවුඩය මාධ්‍යයන් මගින් රට පුරාම දැනුම් දෙනු ලබයි. මස්ජිද්වල (පල්ලිය), හා නිවෙස් වල අනිවාර්්‍ය සලාත්වලට (වැදීම)  පසුව ‘තරාවීහ් ’ සලාතය ඉටුකර උපවාසය රැුකීමට සූදානම් වෙයි.
මේ මාසයේ සෑම දිනයකම අළුයම පෙරදිග අහසේ සුදක් පෙනෙන්නට පෙර ආහාර ගෙන සවස හිරු බැස යනතුරු කිසියම් ආහාර පාන නොගත යුතුයි. අළුයම පෙරදිග අහසේ සුදු පෙනෙන්නට පෙර ආහාර ගැනීම අවසන් කරන වේලාව ‘සහර්’ අවසානය සහ සුබ්හු අදාන් ප්‍රාර්ථනාවල් වර්ථමාන කාලීන මාධ්‍ය වලින් ප්‍රචාරය වීමෙන් දැනගැනීම මුස්ලිම් බැතිමතුන්ට භාග්‍යයක් වනවා ඇත. මේ ‘සහර්’ වේලාවේ සිට ඉර බැස යනතෙක් ආහාර නොගත යුතුය. ඇහැට නොපෙනෙන කිසිම දෙයක් සිරුරේ කිසිම තැනකින් ඇතුල් වීම උපවාසය බිඳිමක් සේ සැලකෙනවා ඇත.
ඒ නිසා ලිංගික එක්වීම ද , දුම්පානය කිරීම නොකිරිම අවශ්‍යයි. ආහාර පානය නොගෙන කෙල බිඳුක්වත් නොගිල සිටීම සංකේතාත්මක දෙයකි. නමුත් මෙසේ රාමාලාන් මාසය මුළුල්ලේම දහවල් කාලයේ ආශාවන් හැඟීම් මර්ධනයට කෙරෙන බලකිරීම්, ලබන ආධ්‍යාත්මික පුහුණුවම මයි
මෙම උපවාසයේ අරමුණ වන්නේ. මේ පුහුණුව ඉතිරි මාස 11 තුලද අධ්‍යාත්මික පිරිසිªවීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ මාසයේ වැදගත්කම් කීපයක් ද ඇත. එයින් අල්කුරාණය ලොවට පහළ වූයේ මේ ශ්‍රේෂ්ඨ වූ මාසයේය. කුර්ආන් පහළ වූ උතුම් දවස ෙලෙලතුල් කදර් නමින් හැඳින්වේ. මේ මාසයට ගරු කිරීමක් වශයෙන් බොහෝ කුසල් සම්භාරයක් නෙලා ගන්න බැතිමතුන් ඉමහත් වෑයම් දරති. පුන්‍ය කර්ම වල යෙදෙති. යාඥා භාවනා වල යෙදෙති. දිර්ඝ යාඥා, භාවනා වල යෙදෙති. දුප්පතුන්ගේ දුක පුලූවන් අයුරන් දුරු කරති. දුගී දීමනා දෙති. ඉවසිම සංකේතවත් කර ගනිති. සමාදානය සහෝදරත්වය පතුරුවති. මෙසේ දෛනික කටයුතු සමඟ යහපත් ක‍්‍රියාවන්හී නිරත වී කුසල් වැඩිකර ගන්න වැයම් දරති.

ඉර බසින වේලාව ‘මග්රිබ්’ අදාන් කියන වේලාව, එයයි දවසේ උපවාසය සම්පූර්ණ කරන වේලාව. කතා ව්‍යවහාරයේ නෝම්බි හරින වේලාව යනුවෙන් කියයි. උපවාසය රකින්නාගේ සතුට පිරුණ අවස්ථාව මෙයයි.
සහර් වේලාවේ සිට ඉර බසිනතුරු දවල් කාලය මුළුල්ලේම අල්ලාහ් තාආලා වෙනුවෙන් කෙල බිඳුවක්වත් නොගිල නොකා නොබී රට ඉදි, වතුර අනුභව කර ‘අල්ලාහ් ෟ ඔබ වෙනුවෙන් මම උපවාසය රැුක්කෙමි. ඔබ දුන් ආහාරයෙන් උපවාසය හැරියෙමි. ඔබව විශ්වාස කළෙමි. මාගෙන් මේ උපාසය පරිපූර්ණව පිලිගනිත්වා යන අර්ථය ගෙන දෙන දුආ ප‍්‍රාර්ථනා කියා අවසන් කිරීමෙන් දවසක උපවාසය සපිරේ. නැවත පාන්දර සහර් වලින් පටන්ගෙන සවස මග්රිබ් ඉෆ්තාර් වලින් අවසන්වේ. මේ අතර රාත‍්‍රී වැදීම් කටයුතු බොහෝමයක් ඇත. මෙසේ දවස් 29න් හෝ 30න් අනිත් මාසයේ සඳ එනම් ෂව්වාල් සද පලූව දකිනා තුරු මේ උපවාසය රැුකිය යුතුය. ෂව්වාල් සද දැකපු දවස ඊදුල් ෆිතර් උත්සවය ද සමරයි. සෑම හොඳ ක‍්‍රියාවකටම ලැබෙන කුසල් ගැන ධර්මයේ සඳහන්වෙයි. රාමලාන් උපවාසයේ ප‍්‍රතිපළය උපවාසය කරන්නන් හට කෙලින්ම ලබාදෙන බවට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වී ඇත.

සටහන – අමතුර් රහීම්