රැකියාව අහිමිව කබලෙන් ලිපට වැටුන තෙප්පම් ධිවරයා .

0
504

:

කොරෝනා වසංගතය සාමාන්‍ය ජනතාවගේ මෙන්ම මීගමුව වැනි ධීවර ජනතාවක් ජීවත්වන ප්‍රදේශවල ජනතාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ අතර සුළුපන්න ධීවරයා අද ජීවත්වීම සඳහා දැඩි අරගලයක යෙදෙන බව පැහැදිළිය. මෙකී සුළුපන්න ධීවරයින් අතර තෙප්පම් ධීවරයා යනු මුහුද ආසන්නයේම ජීවත්වන මුහුද හැර ජීවත්වීම සඳහා වෙනත් විකල්පයක් නැති ප්‍රජාවකි. ගොඩ මුහුදේ කිලෝමීටරයකට ආසන්නව පමණක් ඔවුන් තම රස්සාව කළයුතුය. තෙප්පම පැදගෙන ගොස් දුකසේ කරන මෙම රැකියාවෙන් එදාවේල සරිකර ගත් නමුත් , අද ඔවුන් පත්ව ඇති තත්වය කණගාටුදායකය. එම ධීවරයා ගතකරන ජීවිතය පිළිබඳව කිසිදු වගකිවයුත්කෙුගේ අවධානය යොමුවී නැත. අප මේ පිළිබඳව වැල්ලවීදිය තෙප්පම් ධීවර සමීතියේ සාමාජිකයින් හමුවී කතාබහක යෙදුනේ මෙවන් පසුබිමක් යටතේය.
අප පළමුව මේ කතාබහ ආරම්භ කළේ වැල්ලවීදිය තෙප්පම් සමීතියේ ලක්මාල් සමඟය. පවතින තත්වය ගැන ඔහු ප්‍රකාශකළේ මෙවන් අදහසකි.
තෙප්පම් ධීවරයාව අද කව්රුත් අඳුරන්නෙ නෑ. එහෙම කට්ටියක් ඉන්නවද කියල සමහරු අහනව. හැමෝම අපිව අමතක කරල. සමහර පියතුමන්ලා පවා අපෙන් අහනව එ්ගොල්ලො තාම ඉන්නවද කියල . අපිට හරි කණගාටුයි මේ ගැන.”
ඉන්පසුව අදහස් පළකළේ සමීතියේ සභාපති වන රොෂාන් මහතාය.
” ධීවර කාර්යාලෙ අපේ ප්‍රදේශය භාරව ඉන්න මහත්තය අහනව ලියාපදිංචි තෙප්පම් ධීවරයො කී දෙනෙක් ඉන්නවද? කියල . අපි කිව්ව 105ක් කියල . එයා කියනව ඉන්නෙ හතලිස් ගානක් කියල. එතකොට අපිට සැකයක් තියෙනව මොනව හරි දෙනව නම් ඒක අනෙක් අයට නොදෙන අහසක මේ ගොල්ල ඉන්නවද කියල.”
තව දුරටත් ඔවුන් තම අදහස් පළකළේ ඉදිරියේදී එන තත්වය තුළ කිසිවෙකුගෙන් හෝ යම් පිළිසරණක් ලැබීමේ අදහසින්ය.

 " තෙප්පම් ධීවරය  ධීවරයින්ගෙ ආදිවාසියා කියලයි අපි අහල තියෙන්නෙ. මේ රස්සාව වෙනුවෙන් අපේ සීයල දුක් වින්ද, අපේ තාත්තල දුක්වින්ද, අද අපි, හෙට අපේ දරුවන්ට මොනව වෙයිද කියල කව්ද  දන්නෙ. කොරෝනා ආවට පස්සෙ  ඉඳල මාළු විකුණ ගන්න බැරුව ගියා. නැව ගිනිගත්තට පස්සෙ ඒක තවත් ප්‍රශ්ණයක් වුනා. මිනිස්සු මාළු කනඑක අඩුවුනා. අපිට කිසිම ආදායමක් නෑ. අපිව බලන්න කව්රුත් ආවෙ නෑ. පල්ලියේ පාදර් විතරයි ආවෙ. අපිට ළමයින්ට උගන්වන්න විදිහක් නෑ. ලයිට්බිල් , වතුර බිල් ගෙවා ගන්න විදිහක් නෑ. ඒ අස්සෙ මේ ආංඩුව  බඩුමිල ඉහළ දාල . ඉතින් අපිට දරුවනුත් එක්ක මැරෙනව  ඇරෙන්න වෙන දෙයක්  නෑ.

මෙසේ ජීවත්වීම පිළිබඳව බරපතල ගැටළු රාසියක පැටලී ඇති මෙම ධීවර ජනතාවගේ තත්වය ගැන විමසා බලා පියවරක් ගන්නා මෙන් අපි සියළු වගකිවයුත්තන්ට අවධාරණය කර කියා සිටිමු.
සටහන සහ ඡායා -සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here