ඉන්පසු ධීවරයන්ට ස්වයං රැකියා කිරීම සඳහා ණය ක්‍රමද කාන්තාවන්ට අවම පොලියට ක්ෂණික ණයද ලබා දුනි.
ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ වී කම්මල්තොට හා පොරුතොට ධීවරයන් භාවිතා කල තහනම් පන්න අක්‍රීය කරමින් ඒ ධීවරයන් වෙනත් මසුන් ඇල්ලීමේ ක්‍රම සඳහා ආම්පන්න ලබා දුනි.තහනම් පන්න මගින් සිදුවන කොරල් පර විනාශවීම හා මුහුදට සිදුවන හානිය අවම කරගන්න හැකි වුනි.එහි සාර්ථකත්වය දැක එවකට හිටපු පල්ලන්සේන මීසම් පාලක එඩ්වඩ් කෝස්තා පියතුමාගේ අනුශාසකත්වය මැද ඩෙල්මා ආයතනය සමඟ සම්බන්ධ වී කම්මල්තොට පොරුතොට ගම්මාන වල ව්‍යාපෘති රැසක් මෙහෙයවීමට අවස්ථාව ලැබිනි. එහිදී ධීවර දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා පාඨමාලා ද, වෘත්තීය පාඨමාලා, මා ඔය හා හැමිල්ටන් ඇල ඛාදනය හේතුවෙන් ඒ දෙපස කඩොල් සිටවීමේ ව්‍යාපෘතියක්ද, කොම්පෝස්ට් පොහොර නිපදවීමට බඳුන් හා පරිසර හිතකාමි ව්‍යාපෘතිද , පොරුතොට ධීවරයින් සඳහා අයිස් නිපදවීමේ යන්ත්‍රොපකරණ වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක විනි.ඒ කාල සිමාව තුල ව්‍යාපාර වශයෙන් ධීවර ආම්පන්න , තෙල් ,අයිස් සියලු සේවා සපයනු ලැබීය.එහිදී කැල්ටෙක්ස් සමාගම එක්ව ලිහිසි තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවිය.එමගින් කම්මල්තොට පොරුතොට හා පල්ගතුරය යන ගම්මාන වල තෙල් ව්‍යාපාරය කිරීමේ හැකියාව ලැබිනි. මේ සියලු සේවාවන් සැපයීමට සමිතියට හැකිවිය.
වසර 25 සපිරෙන මේ වසර වන විට ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ විස්වාසය දිනා ගනිමින් ධීවර ජනතාවගේ රැකියාව මෙන්ම පවුල් තත්වය හා දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේහි ලා විශාල මෙහෙවරක් කරමින් තම රිදී ජුබිලිය සමරයි.විවිධ රජයන් ඔස්සේ ධීවර අමාත්‍යංශ හරහා අධීක්ෂණය වෙමින් දේශපාලනීකරණය නොවී ඉදිරියෙන් ඉදිරියටම ගමන් කලේය.
25 වන රිදී සංවත්සර සැමරුම පසුගිය මැයි මස 16 දින ඉදිරිවර ධීවර බැංකු කාර්යාලයේදි පැවැත්විනි. පල්ලන්සේන මීසම් භාර ජයන්ත නිමල් පියතුමාගේ හා හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයේන් පැවැත්විනි.මේ සඳහා මීගමුව ධීවර කාර්යාලයේ සාමාන්‍යධිකාරි බණ්ඩාර මහතා හා සමිතිය පිහිටුවීමට උරදුන් පුද්ගලයන්ගේ හා සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයේන් පැවැත්විනි.