රියාල් මව්ලවි තුමන් පිළිබද සටහනකි.

0
278

_riyal_shk

 

(අප වෙබ් අඩවියේ උද්යොගිමත් පුරවැසි ජනමාධ්‍යවේදියෙකු වු මුනියර් සොහොයුරාගේ ආදරණිය බිරිඳගේ පියාණන්ගේ අභාවය වෙනුවෙන් තැබෙන විශේෂ සටහනකි.
එතුමන්ගේ අවසන් කටයුතු දෙසැ 11 වනදා සිදුකෙරුණි)

සම්පූර්ණ නමින් “අල් හජ් ආශ් සෙයික් මොහොම්මඩ් ජලල්ඩීන් මොහොම්මඩ් රියාල්” නම් වූ ඔහු හොඳින් හදුනන්නේ “රියාල් මවුලාවි” ලෙසයි. 1933 වසරේ ජනවාරි 25 වනදීන කම්මල්තුරෙයි නම් ග්‍රාමයේ උපත ලැබූ ඔහු කම්මල්තුරෙයි අල් ෆාලා මහා විද්‍යාලය, මහරගම ගෆූරියා අරාබි විදුහල හා කල්පිටිය ද්විතියික විදුහලෙන් අධ්‍යාපනය හැදෑරීය.ඉන් පසු ඔහු අඩලච්චේනෛ පුහුණු පාසලින් පුහුණු  ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබීය. ගුරුවරයෙකු ලෙස තම සේවය ඇරඔූ ඔහු පුත්තලම සහිරා විදුහල හා කල්පිටිය රජයේ විදුහලට සේවය කළේය. පසුව ගුරුපුහුණූ විද්‍යාලයේ වසර දෙකක් දමිළ ගුරුවරුන් පුහුණු කල ඔහු මට්ටක්කුලිය මුස්ලිම් විදුහල,මාවනැල්ල සහිරා විදුහල, මරදාන අල් හිදායා මහා විදුහල හා කොළඹ සහිරා විද්‍යාලයේදී මෙන්ම මහනුවර කිංගස්වුඩ් විද්‍යලයේදීද ගුරුවරයෙකු ලෙස සේවය කලේය.

පේරාදෙණිය විශ්ව වීද්‍යාලය ,කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු දෙස් විදෙස් විශ්ව විද්‍යාලය රැසකින් උපාධි ලබා ඇති ඔහු වසර 20ක් ගුරුවරයෙකු ලෙස මෙන්ම උපදේශකයෙකු හා පෙළපොත් රචකයෙකු ලෙසද සේවය කලේය.ඉන්පසුව ඉස්ලාම් හා අරාබි අධ්‍යාපනය සම්බන්දව  සහකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කල ඔහු ජාතික අධ්‍යාපන  ආයතනයේ ප්‍රධාන පරීක්ෂකයෙක් ලෙසද සේවය කලේය.එමෙන්ම විවිධ වූ ආයතන මඟින් විවිධාකාරයේ ඇගයීම් වලටද ලක්වූ මෙතුමා ග්‍රන්ථ රචකයෙකුද විය.

මෙලෙස ඉතාමත් කැපවීමෙන් හා වෙහෙසවීමෙන් මෙරට මුස්ලිම් ජනතායට විශාල සේවයක් කල මෙතුමා ගුරුවරයෙකු මෙන්ම පියෙක් ලෙසද විශාල සේවයක් කලේය.