රිය අනතුරෙන් මහේස්ත්‍රාත්වරියක් ඇතුළු තිදෙනෙකුට තුවාල

0
59

anathurata path motar rathayaඊයේ  (19) – දා හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ  කාක්කපල්ලිය පම්බල  ප්‍රදේශයේදී  මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් තිදෙනෙකු තුවාල ලබා හලාවත හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ   අළුයම සිදු වූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ හලාවත සිංහපුර පදිංචිව සිටි මහේස්ත්‍රාත්වරියක් වන කේ  ඒ ගකවීෂා නදීෂානි මහත්මිය හා ඇගේ සැමියා වන හලාවත මහා රෝහලේ සේවය කරනු ලබන ෛවද්‍යාවරයෙකු වන
අසංක සොහාන් පෙරේරා හා මේ දෙපලගේ දියණිය වන සෙව්මිණි පෙරේරා නමැති දැරියකි.
කොළඹ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වී ආපසු නිවෙස බලා එන අතරතුර මේ තිදෙනා මෙම අනතුරට මුහුණ දී තිබේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  වසන්ත කුමාර මහතා පැවසිය.
අනතුරින් වාහනයට බරපතල හානි සිදුව තිබේ. මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ප්‍රසාද් පුර්ණාමාල් / පුත්තලම