රුක්මණි දේවියගේ ස්මාරකය ඉදි කිරිමට ලබා දුන් ලක්ෂ 05 සිදු වුයේ කුමක්ද ?

0
89

මීගමුවට මහත් අභිමානයක් එක් කල හෙලයේ මහා ගීත කෝකිලාවිය ලෙසද  අග‍්‍රගන්‍ය ශී‍්‍ර ලාංකික සිනමා නිලියක් ලෙසින් ද මහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ රුක්මනී දේවිය ගේ අභාවය සිදු වී පසුගිය ඔක්තෝබර් 28 ( 2011/10/28 ) වැනි දිනට වසර 33 ක් සපිරේ. ගෙවී ගිය වසර කිහිපයකදීම ඔක්තෝබර් 28 වැනි දිනට යෙදෙන රුක්මිනී දේවියගේ අභාවය සිදුවුණු දිනය අනුස්මරණය කිරීමට ඇයගේ කලා නිර්මාණයන් කවමත් රස විදින රසික රසිකාවියන් හා ඇයගේ නමින් පිහිටුවා ගත් සංවිධනද කටයුතු කලහ. එවැනි අනුස්මරණ වැඩසටහන් පැවැත්වුයේ මීගමුව මඤ්ඤොක්කා හේන නමින් ප‍්‍රකට මහා නගර සභාවට අයත් ප‍්‍රධාන සුසාන භූමියේ ඉදි කර තිබූ ඇගේ දේහය භූමදානය කල ස්මාරකය අසලදීය. එහෙත් පසුගිය අගෝස්තු 12 වැනි දා නීති විරෝධී ලෙස එම ස්මාරකය කඩා බිද දැමු පසු මේ වන විටත් එය යලි තිබු පරිදි ඉදි කර නොමැත. ඒනිසා මෙවර රුක්මණි දේවි මිය ගිය දිනය සිහිකරමින් ස්ිදු කල අනුස්මරණ වැඩසටහන පවත්වා ඇත්තේ කොළඹ ටවර් හෝල් රගහලේදී පමනක් බවද වාර්තා වේ.
රුක්මනී දේවියගේ දේහය භූමදානය කල සුසාන භූමියේ ඉදි කර තිබු ස්මාරකය එලෙස කඩා බිද දැමුවේ මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මංතී‍්‍රවරයෙකු වු ආනන්ද මුණසිංහ නැමැත්තා විසිනි. රුක්මණි දේවියගේ සිරුර භූමදානය කල සුසාන භූමියේ එම බිම් කොටස ඔහුගේ බිරිදගේ පවුලට නීත්‍යානුකූලව අයත් එකක් බවත් එම පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඒ වන විට මිය යෑමට ආසන්න බැවින් ඔවුන් මිය ගිය විට භුමදානය සදහා මෙම බිම් කඩෙන් කොටසක් වෙන් කර ගැනීමට කටයුතු කල බවත් ඔහු පොලිසියට පවසා තිබුණි.   එලෙස එම ස්මාරකය හිතුමතේ කඩා බිද දැැමීම හේතුවෙන් පසුගිය අගෝස්තු 15 වැනි දින මීගමුව පොලිසිය විසින් ආනන්ද මුණසිංහ ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු අධිකරණය හමුවට පමුනූවා තිබීනි. එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් සැකකරුවන් 07 දෙනටම ශරීර ඇප නියම කල අධිකරණය රුක්මණි දේවියගේ ස්මාරකය ඉදි කල
‘‘රුක්මණී දේවී සංසදය ’’ ට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවීමටද නියෝග කලේය. එම සංසදයේ අධ්‍යක්ෂිකා ශිරානි අමලා දිසානායක (රුක්මණි දේවියගේ ගීත ගායනා කරන ගායිකාවකි* නැමැත්තියක් විසින් එම මුදල් අධිකරණයේදී භාර ගත් අතර එම සංසදයේ ලේකම් ලෙස කේ. ඒ. පියකරු (කෝපිකඬේ කුරුං-ගුරුං) සහ ප‍්‍රකට ගිටාර් වාදන ශිල්පී අර්නස්ට් සොයිසා යන අයද එම මුදල් භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වූහ. එහිදී එම සංසදය වෙනුවෙන් ඔවුන් ප‍්‍රකාශ කලේ ආනන්ද මුණසිංහ නැමැත්තා විසින් කඩා බිද දැමු රුක්මනී දේවියගේ ස්මාරකය 2011 ඔක්තෝබර් මස 28 වැනි දිනට ප‍්‍රථම නැවත තිබූ පරිදි ම ඉදි කරන බවයි. එලෙසම එලෙස එය නැවත ඉදි කර රුක්මනී දේවිය මිය ගොස් වසර 33 ක අනුස්මරණ වැඩසටහනද එහි පවත්වා දානමය පුන්‍යකර්මයක්ද සිදු කරන බව ඔවුන් එහිදී ප‍්‍රකාශ කලහ. එහෙත් එම ප‍්‍රකාශය මේ වන විට සාවද ්‍යවී ඇත.  මේ තත්වය මත රුක්මණි දේවිය අගයන ඇයට සැබැවින්ම ආදරය කරන මීගමුවේ කලාකාමී ජනතාව පවසන්නේ ඇයගේ ස්මාරකය නැවත ඉදි කිරිම සදහා එම සංසදයට ලබා දුන් රුපියල් ලක්ෂ 05 ක මුදල මේ වන විට අතුරුදහන් වී ඇති බවකි.