රුමේනියාවටත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලයක්

0
230

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී පසුගියදා සාකච්ඡා කර තිබුණි

ඒ අනුව, රුමේනියාව තුළ රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට අදාළ අභියෝග සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් කමිටුව විමසා තිබුන අතර මේ වන විට රුමේනියාවේ සැලකිය යුතු  ශ්‍රී ලාංකික ජනගහණයක් ජීවත් වන බවත් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත් කමිටුව මෙහිදී පෙන්වා දි ඇත

මෑතක සිට විශාල වශයෙන් ශ්‍රි ලාංකිකයන් රුමේනියාවේ රැකියාවන් සදහා යාම අරභා ඇති අතර මේ බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ එහි මාස කිපයක් ගත කර යුරෝපයේ වෙනත් රටකට පැනගැනිමට.
මේ අය අංක 1 තේරිම බවට පත්ව ඇත්තේ මේ වන විට ඉතාලියයි.